Convictions

වාරියපොල ප්‍රාදේශීය සභා වේ අක්‍රමිකතා රැසක් සිදුවී ඇතිබව විගණනයකින් හෙළිවේ

සමෘද්ධිමත් ග්‍රාම රාජ්‍යයක් තම තේමා පාඨය කර ගත් වාරියපොල ප්‍රාදේශීය සභාව තුළ 2020 වසර තුළ දුෂණ සහ අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව විගණන දෙපාර්තමේන්තුව සදහන් කරයි. 2020 දෙසැම්බර් 31 වැනිදායි අවසන් වන වසර සදහා විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව සදහන් වේ.

අදාල විගණන වාර්තාව ලබා දෙන ලෙස වාරියපොල ප්‍රාදේශීය සභාවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 ජනවාරි මස 10 වැනිදා යොමුකරන ලද අයදුම්පත්රයකට අනුව ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරී සහ සභා ලේකම්වරිය විසින් ඒ අනුව අදාල විගණන වාර්තාව ලබා දීමට කටයුතු කරනු ලැබිය.

විගණන දෙපාර්තමේන්තුවේ සහකාර විගනකාධිපති එච්.එම්.රණසිංහ බණ්ඩා මහතා විසින් 2021 මැයි මස 21
වැනිදා නිකුත් කර ඇති එම වාර්තාවේ මෙසේද සදහන් වේ.

වරියපොල ප්‍රාදේශීය සභාව සතුව තිබූ රුපියල් 6,94,069 ක් වටිනා දැව තොගයක් අවිධිමත් ලෙස භාවිතා කර ඇති බවට එම විගණනය වී ඇත. 2018 වර්ෂයේ ජූලි මස 09 වැනිදා වච්චර් අංක 1144 යටතේ මෙම ලී ඉරීම සදහා ප්‍රාදේශීය සභාව විසින් රුපියල් 87,861ක මුදලක් වැය කර ඇත.එම දැව තොගය වාරියපොල ප්‍රාදේශීය සභාවේ ගබඩාවට බාර ගත් බවට අංක 869 යටතේ ගබඩා සටහන් පතක්ද නිකුත් කර ඇත.ගබඩාවට බාර ගෙන ඇති දැව තොගයේ වටිනාකම රුපියල් 11,12,650 ක් බව එම අවස්ථාවේදී ගබඩාවේ පොත් වල සටහන් වී ඇත.මෙම දැව තොගය 2021 පෙබරවාරි මාසය තුළද නිවැරදි ආකාරයට ගබඩාවේ තිබෙන බවට පොත් පත් වල සටහන්ව තිබූ බවද විගණන වාර්තාවේ සදහන් වේ.නමුත් 2021 පෙබරවාරි මස 15 වැනිදා විගණන නිලධාරීන් විසින් අදාල දැව තොගය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේද සහාය ඇතිව පරීක්ෂා කර ඇත.එහිදී අනාවරණය ඇත්තේ ගබඩාවේ ඇත්තේ රුපියල් 4,18,581 ක් වන දැව තොගයක් බවය.

ඒ අනුව ගබඩාවේ තිබිය යුතු රුපියල් 6,94,069 ක දැව තොගයක් අස්ථාන ගතවීහෝ අවිධිමත්ව භාවිතා කර ඇති බව විගණන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

වාරියපොල ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරන බිම්ගල් ව්‍යාපෘතිය සදහා 2020 වසර තුළ සිමෙන්ති මිටි
3,300 ක් මිලදී ගෙන ඇත.මෙම සිමෙන්ති මිලදී ගන්නා ලද්දේ මිටියක් රුපියල් 980,1020 සහ 1090 මිලකට බව සභාව විසින් ඉදිරිපත් කර ඇති සටහන් වල සදහන් කර ඇත.නමුත් විගණන නිලධාරීන් විසින් කරණ ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ සිමෙන්ති මිලදී ගෙන තිබෙන්නේ මිටියක් රුපියල් 950 ක් වන මිලකට බවය.ඒ අනුව බිම්ගල් ව්‍යාපෘතිය සදහා සිමෙන්ති මිලදී ගැනීමේදී වාරියපොල ප්‍රාදේශීය සභාව විසින් රුපියල් 2,53,500 ක මුදලක් වැඩිපුර සටහන් කර ඇති බවද විගණන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

වාරියපොල ප්‍රාදේශීය සභාවේ පොදු කටයුතු සදහා ලැබී තිබූ කනෝටුව, දිවුල්ගස්පිටිය – දෙනිපොතේ වත්ත නමැති පර්චස් 182 ක ඉඩමෙන් අනුමැතියකින් තොරව බොරළු කපා ඉවත් කර ඇති බවද විගණන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.මෙම බොරළු කැපීම සදහා වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිසි අවසරයක් ලබා ගෙන නොමැති අතර, එම ඉඩමෙන් බොරළු කියුබ් 185 ක් ඉවත් කර ඇති බවද විගණන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.අනවසරයෙන් ඉවත් කර ඇති බොරළු වල වටිනාකම රුපියල් 50,870 ක් බවද නිකුත් කර ඇති විගණන වාර්තවේ සදහන් වේ.

විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ දෘෂ්‍ය අක්‍රමිකතා යටතේ ඉහත කරුණු සදහන් කර ඇත.

තවද එම වාර්තාවේ අවිධිමත් ගණු දෙණු ශීර්ෂය යටතේ තවත් අක්‍රමික තාවයන් 04 ක් සම්බන්ධයෙන් සදහන් කර ඇත.

ඒ අනුව වාරියපොල ප්‍රාදේශීය සභාවට අයත් මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයට 2019 – 2020 වර්ෂ වලදී අවස්ථා 04 කදී ටයර් මාරු කර ඇත.ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් 1,306,800 කි.ටයර් කට්ටලයකින් අවම වශයෙන් මීටර් පැය 2500 ක් වත් මෝටර් ග්‍රේඩර් රථය ධාවනය විය යුතු නමුත් ටයර් මාරු කර ඇත්තේ මීටර් පැය 55ක්,644 ක් සහ 1065 ක් වන ධාවන කාලයකදී බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම ප්‍රාදේශීය සභාවට අයත් හොරොම්බාව වෙන්දේසි වත්තේ ඇති ක්‍රීඩා පිටිය සැකසීම සදහා සභා අනුමැතියක් ලබා ගෙන නොමැති බවත්,එම භූමියේ පිහිටි ගස් ඉවත් කිරීමේ අරමුණින් ඩෝසර් කිරීම සිදු කර ඇති බවත් විගණනයේදී අනාවරණය වී ඇත.ඩෝසර් කරන ලද ඉඩමේ තිබී බිම හෙලන ලද පොල් ගස් ප්‍රමාණය කොපමණද යන්න වාර්තාවක් ඉදිරිපත් නොකර එම පොල් ගස් අලවි කළ බව කියමින් රුපියල් 34,530 ක මුදලක් සභා ආදායමට බැර කර තිබීමද ගැටළු සහගත බව විගණන වාර්තාවේ සදහන් වේ.

වාරියපොල ප්‍රාදේශීය සභාවට අයත් උයන්වත්ත එක්සත් අවමංල්‍යාධාර සහ සුභ සාධක සමිතිය පවත්වා ගෙන යන ඉඩමේ තිබූ තේක්ක ගස් 03 ක් කිසිදු අනුමැතියකින් තොරව කපා ඉවත් කර ඇති අතර,එම ලී තේක්ක ගස් ප්‍රදේශයේ ලී මෝලකට බාර දී ඇති බව එම භූමියේ පිහිටි ප්‍රජා ශාලාවේ බාරකරු ලිඛිතව විගණන නිලධාරීන්ට දැණුම් දී ඇත.කපා ඇති තේක්ක ගස් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍රයක් පවා ලබා ගෙන නොතිබුණු බවත්,එම දැව තොගයද අවභාවිතා වී ඇති බවද විගනන නිලධාරීන් විසින් හදුනා ගෙන ඇත.

මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග සදහා බිම් ගල් ඇල්ලීමේදීද දුෂණයක් සිදුවී ඇති බව විගණන නිලධාරීන් විසින් හදුනා ගෙන ඇත.බිම්ගල් මිලදී ගැනීම සදහා මිල ගනන් කැදවීමක් සිදු කර නොමැති බවද විගණනයේදී අනාවරණය වී ඇත.ප්‍රාදේශීය සභාව විසින් එක්ක රුපියල් 35 බැගින් වන මුදලකට බිම් ගල් 324,899 ක් මිළදී ගෙන ඇත.ඒ සදහා ගෙවා ඇති මුදල රුපියල් 11,371,465 කි.විගණන නිලධාරීන් විසින් අදාල බිම් ගල් සපයා ඇති ආයතනයෙන් ලබා ගෙන ඇති මිල ගනන් අනුව එක් බිම් ගලක මිල රුපියල් 32 කි.ඒ අනුව බිම් ගල් මිලදී ගැනීම සදහා රුපියල් 974,697 ක මුදලක් වැඩිදුර ගෙනා ඇති බවද විගණන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.

වාරියපොල ප්‍රාදේශීය සභාවේ සිදුවී ඇති බව කියන මෙම දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විමර්ශණයක් සිදු කිරීම සදහා හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකුව වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් පත් කරන ලදි.එම විමර්ශනයේදීඅනාවරණය වී ඇත්තේ විගණන නිලධාරීන් විසින් ලබා දීඇති වාර්තාවේ ඇති දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ වන තොරතුරු සත්‍ය බවය.එම දුෂණ සහ අක්‍රමිකතාවයන්ට වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සෘජුවම වගකිව යුතු බවද අදාල විමර්ශණය සිදු කළ හිටපු මහාධිකරණ විනිසුරුවරයා විසින් නිර්දේශ කර ඇත.

සමෘද්ධිමත් ග්‍රාම රාජ්‍යයක් බිහි කරන බව තේමා පාඨය කර ගත් වාරියපොල ප්‍රාදේශීය සභාව එම කටයුත්ත අපූරුවට කර ඇති බව නම් පෙනෙන්නට ඇති බව මෙහිලා නොකියාම නොහැකි කරුණක් වී ඇත.

සටහන:- ජුඩ් සමන්ත.

Written by
JF Jude Samantha

1965 අප්‍රියල් මස 22 වැනිදා වවන්නප්පුව දංකොටුවේදී උපත ලැබීයල.1971 වසරේ පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විදයාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබන ලදි.1984 වසරේ වේ අධ්‍යාපන වපොදු සහතික පත්‍ර උසස් වප් විභගයෙන් අතතුව අධ්‍යාපන ජීවිතය අවසන් විය. 1975වසරේ "මිහිර" පුවත් පතේ පාසල් වාර්කාකරුවෙකු ලෙස මාධ්‍ය ජීවිතයට අවතීර්ණ විය.1980 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය අරම්හයෙත්සමග පාසල් වියේදීම ඒ හා සමබන්ධ වීය.1981 වසරේදී ගුවන් විදුලි සහත නිවේදකයෙකු ලෙස වැඩ කටයුතු ආරමහ කරන ලද්දේ පාසල් යාමින් අධ්‍යාපන ලබන අතර තුරදීය. 1985 වසරේ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ජාතික යෞවන සම්මාන උළෙලේ සමස්ථ ලංකා තරගයේ "හොදම නිවේදකයා " බවට පත් විය. මේ කාලය වනවිට ලේක්හවුස් පුවත්පත් ආයතනයට සම්බන්ධ වී නිදහස් ලේඛකයෙකු ලෙස මාධ්‍ය ජීවිතය තව දුරටත් වැඩි දියුණු කිරීම සිදු කරන ලදී.අනතුරුව ලේක්හවුස් ආයතනයේ ආණමඩුව මධ්‍යම සමූහ වාර්තාකරු ලෙස කටයුතු ආරම්භ කරන ලදි.ඒ අතර ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමත් සමඟ ඒ හා සම්බන්ධ විය.ජාතික රූපවාහිනියේ පුත්තලම වාර්තාකරු ලෙස කටයුතු කරන ලදි.පසුව ස්වාධීන රූපවාහිණී සේවය සහ සිරස ආයතනය සමග සම්බන්ද වී වැඩ කටයුතු කරන ලදි. අනතුරුව ලංකාදීප පුවත් පත සමගද එක්ව වැඩ කරන ලදි.මේ වන විට ස්වර්ණවාහිණී,දෙරණ සහ ගුවන් විදුලි මාධ්‍ය ආයතන කීපයක් සමග මෙන්ම අරුණ,ඪෙලිමිලර් පුවත් පත සමග එක්ව මේ වන තුරු වැඩ කටයුතු කරමින් සිටී

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Convictions

ලක්ෂ 520 ක් යටකර හැදු උත්සව ශාලාවේ ආදයම වසර 05 ට ලක්ෂ 14 යි

By Prasanna Pradeep Kumara වවුනියාව දකුණ ප්‍රාදේශිය සභාව මගින් 2018 වසරේ පමණ...

Convictions

වසර 16 ක් පානීය ජලය අහිමි දිමුතුගම

By Kosala Gunawardana  පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා...

Convictions

ஆரம்பிக்கப்படாத திருகோணமலை இந்திய எண்ணெய்க் குத ஒப்பந்தம்; எரிபொருள் பற்றாக்குறையில் இலங்கை

By Afra Ansar  பெற்றோலியத்துக்கு எட்டப்படும் தேவைப்பாடு, பெற்றோலியத்தை இறக்குமதி செய்வது மற்றும் பெற்றோலியத்தை களஞ்சியப்படுத்துவது...

Convictions

රුපියල් 291639,356.66ක් වතුරේ යැවූ වවුනියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය

By Prasanna Pradeep Kumara වවුනියාව දිස්ත්‍රීක්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ...