Convictions

ඌව පළාතේ සිදුවූ මුදල් අක්‍රමිකතා සම්බන්දයෙන් චෝදනා පත්‍රයක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් යටතේ අතිගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ පුද්ගලික ගිණුමක ින්මු දල් කොල්ලකන යුගයක උත්තරීතරවූ පාර්ලිමේන්තුවට පත්කර යැවෙන 225 දෙනා අතුරින් බහුතරයක් හොරුන් යැයි සැලතෙන සමාජයක ඔවුන්ගේ මග යමින් රාජ්‍ය න ිළදාරීන්ද මුදල් ගසාකන අවධියක සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසට ශ‍්‍රී ලංකාව ඉදිරියට ගමන් කරතැයි සිතිය හැකිද යන්න ප‍්‍රශ්ණාර්තයක් බවට මේ වන විට පත්ව තිබේ’.

පාර්ල ිමේන්තුවේ ඇමතිවරයාගේ සිට මන්ත‍්‍රී දක්වා මෙන්ම පළාත් සභාව” ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරනා බොහෝ පිරිසක් මුදල් අක‍්‍රමිකතාවයන්වලට සම්බන්ධ බවට කතිකාවක් ගොඩ නැගී ඇති මොහොතක රාජ්‍ය
නිළධාරීන්ද තමන්ට රිසිසේ මුදල් අක‍්‍රමිකතාවයන් සිදු කෙරෙනා බවද අසන්නට දකින්නට ලැබෙයි’ මෙවන් අක‍්‍රමිකතාවයන්ට නිසි ද`ඩුම් සැලසෙන බවක්ද දක්නට නොලැබෙයි.

එවැනි අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිවැරදි නීතිඥානුකූල තත ්වයක්ද සිදු වන අයුරු දක්නට නොලැබීම කනගාටුවට කරුණක්’.

පොල ් ගෙඩියක් සොරකම් කරන කෙනෙකුට දුන් ද`ඩුවම ගත්කල අද දවසේදී ප‍්‍රධාන චූතියන්ට සැලසෙන සමාව සමාජයේදී දැඩි කතා බහට ලක් වුවද පොඩි මිනිහට කවදත ් වන්නේ අසාධාරණයක් පමණක් බව ජනතාව තුල අදහසක්ම තුවන්නේ කොතෙක් වැරදි සිදු කලත් ලොකු මිනිසුන් ඉන් ගැලවෙන සැටි දැකලාය.

මෙම සිරි ලංකාව තුලදී එවන් කරුණු කාරනා අද සමාජය තුලදී බහුලව දක්නට ලැබෙයි’ කරන ලද අක‍්‍රමිකතාව තහවුරුව තිබියදීත් හිටපු තැන් වලටත් වඩා ඉහළ පුටුවලට පත්වීම් ලැබීම ද කනගාටුවට කරුණක්’
මේ එවන්වූ හෙලිදරව්වක් පිළිබඳවයි’.

2016 වසරේදී ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුවුණු මුදල් අක‍්‍රමිකතාවයකට සම්බන්ධ බවට පරීක්ෂණයකින් අනාවරණය වුණු එහි ලේකම් ලෙසට කටයුතු කල පුද්ගලයා අද වන විට ඌව පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂක තනතුරක ් දක්වා උසස ්වීම් ලබා කටයුතු කරනා බව ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ
නිළධාරියෙක් සඳහන් කරයි’ ඒ බැව් ඌව පළාත් සභාවේ ක‍්‍රීඩා අංශයෙ ්නිළධාරීන්ද අනුමත කරති’.

2016 වසරේදී ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුවුණු මුදල් අක‍්‍රමිකතාවයකට සම්බන්ධ බවට පරීක්ෂණයකින් අනාවරණය වුණු එහි ලේකම් ලෙසට කටයුතු කල පුද්ගලයා අද වන විට ඌව පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂක තනතුරක ්දක්වා උසස ්වීම් ලබා කටයුතු කරනා බව ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ
නිළධාරියෙක් සඳහන් කරයි’ ඒ බැව් ඌව පළාත් සභාවේ ක‍්‍රීඩා අංශයෙ ්නිළධාරීන්ද අනුමත කරති’.

2017’10’19 වන දින ක‍්‍රීඩා අමාත්‍යංශයේ ක‍්‍රීඩා ශ‍්‍රවණාගාරයේදී නිළධාරීන් හත ්
දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණය සිදුකර තිබේ’.

2016 ඉන්දියාවේ පැවති කබඩි තර`ගාවලිය සඳහා ලැබුණු ඉන්දියානු රුපියල්ලක්ෂ 10ක මුදලින් ගුවන් ටිකට්පත්” නවාතැන්” ආහාරපාන” ගමන් වියදම් අඩු කොට ඉතිරි මුදල 754”908/-ක් කණ්ඩායම් පුහ ුණුකරුගේ ගාල්ල සෙලාන් බැංක ු ශාඛාවේ ගිණුම් අංක 016034325334101 ගිණුමට බැර කර ඇති බව එම
පරීක්ෂණයෙන් පැහැදිලිවේ’ පෞද්ගලික ගිණුමකට මුදල් ගෙන්වා ගැනීම සංගමයේ ව්‍යවස්ථාවට අනුව වරදක් බව ද පෙන්වා දී තිබේ’.

12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා සංවර්ධන දෙචපාර්තමේන්තුවෙන් ප ුහුණුකරුවන්ට බෙදා දීමට ලබාදුන් රු 450”000/- මුදල බෙදා නොදීම යන කරුණු පරීක්ෂණයෙන් අනාවරණයවී තිබේ’.

මේ හේතුවෙන් අදාල ලේකම්වරයාට මින් ඉදිරියට යම් ජාතික ක‍්‍රීඩා සංගමයක/කමිට ුවක සාමාජිකයෙකු වීමට” ජාතික ක‍්‍රීඩා සංගමය අනුබද්ධ ක‍්‍රීඩා සමාජයක සාමාජිකයෙකු වීමට/ නාමිකයෙකු වීමට හෝ ජාතික සංගමයක කිසිදු නිලතලයක් දැරීමට නොහැකි වනසේ තහනමක්ද පනවා ඇති බව ඌව පළාත ්සභාවේ ලේකම්වරයාට එවන ලද ලිපියේ සඳහන්’.

තවද ඔහු ඌව පළාත් සභාවේ න ිළධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටින බැවින් ස ිදුකර ඇති මූල්‍ය අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විනයානුකූල කටයුතු කරනා ලෙසද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ’.

මෙම ලේකම්වරයා මුදල් අක‍්‍රමිකතාවය සිදුකර ඇත්තේ කබඩි සම්මේලනයෙ ්හි ටපු උප ලේකම්වරයාගේද සහයෝගය මත බවද පරීක්ෂණ වලින ් අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ අක‍්‍රමිකතා හෙ ්තුවෙන් එවකට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යතුමාගේ නියෝගය අනුව පැවති ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය අහො ්සිකර 1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනතේ 32 හා 33 වගන්ති යටතේ හා අංත 2048/28 හා 2017’12’06 දින ගැසට් පත‍්‍රය අනුව නිස ි
බළධාරියා වශයෙන් අධ්‍යක්ෂ ජනරාල් පත්කර ඇත’.

ඒ අනුව ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල කාලයේදී තමන ් සතුව ඇති සිය`ථම ලිපිගොනු සහ උපකරණ 2017’12’27 දිනට පෙර ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ අයි’පී’ විජේරත්න මහතා වෙත භාරදෙන ලෙසට 2017’12’18 දිනෙන් ක‍්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා අදාල ලෙ ්කම් වෙත ල ිඛිතව දැනුවත් කර තිබේ’.

මෙවන්වූ කරුණු කාරනා රැසක් සිදුව තිබියදී මෙම ලේකම්වරයාට විරුද්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය මගින් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට 2019’01’16 දිනැති ලිපියෙන ් දන්වා තිබේ’ පස ුව සිදුවූ ආණ්ඩු මාරුවත් සමගින් පත්වූ වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය නාමල්
රාජපක්ෂ මහතාට 2020’12’21 දිනෙන් ද මෙම කාරණාව සම්බන්ධයෙන්දැනුම්දීම් සිදුකල බව කබඩි සම්මේලනයේ නිළධාරියෙක් සඳහන් කරයි.

තවද ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ හිටපු ලේකම් සහ උප ලේකම් විසින් ස ිදුකර ඇති මුදල් අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙන බව කබඩි සම්මේලනයේ නිළධාරියෙක ්වැඩිදුරටත් සඳහන් කලේය’.

මෙම කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ඌව පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්’එම්’එම්’ අබේසිංහ මහතාගේ අත්සනින් යුතුව 2019’02’07 වන දිනැති ලිපියෙන් චෝදනා පත‍්‍රයක්ද අදාල ලේකම් ¥රයේ කටයුතු කල නිළධාරියාට යොමුකර තිබේ.

මෙවන් තත ්වයක් මධ්‍යයේ ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවර රාජා කොල්ලූරේ මහතාගේ අත්සනින් යුතුව ක‍්‍රීඩා නිළධාරියෙක් ලෙසට කටයුතු කරමින් ස ිටි මෙම ලේකම්වරයාට ඌව පළාත් ක ‍්‍රීඩා අධ්‍යක ්ෂ තනතුරේ රාජකාරී ඉටුකිරීමට 2020’07’06 වන දින පත් කෙරෙනු අතර” මෙම පත්කිරීමත් සමගින් ඌව පළාත්
සභාවට අනුයුක්තව සේවය කරනා ක‍්‍රීඩා නිළධාරීන් ඇතු`ථ සේවකයින් දැඩි විමතියට පත්වූ බවත් ඔවුන් දැඩි කණස්සල්ලෙන් පසුවූ බවය ි ක‍්‍රීඩා නිළධාරීන්පි රිසක් සඳහන් කරන්නේ’.

කෙසේ වෙතත ් මේ වන විට ඌව පළාත් සභාවේ නව ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයෙක ්පත්ව කටයුතු කරන හෙයින් මෙම හිටපු ලේකම්වරයා වර්ථමානයේදී සහකාර අධ්‍යක ්ෂකවරයෙක ් ලෙසට කටයුතු කරනා බවත් රාජ්‍ය නිළධාරියෙක් සිදුකර ඇති මුදල් අක‍්‍රමිකතාවය පැහැදිලිව අනාවරණයවී තිබියදී තවදුරටත් ඔහුට
විරුද්ධව කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විමතියට කරුණක් බවත් ඌව පළාත් සභාවේ නිළධාරීන් පිරිසක් සඳහන් කරයි’.

එමෙන්ම මෙවන ් නිළධාරීන් තවදුරටත් මුදල් හෝ වෙනයම් අක‍්‍රමිකතාවයන ් සිදු නොකරනු ඇතැයි සහතිකයක් ලබාදිය හැකිද යන්න පිළිබඳවත් ඔවුන් ප‍්‍රශ්ණ කර සිටින අතර වැරදි කල පුද්ගලයින්ට නිසි ද`ඩුවම් ලබාදෙන ලෙසටත් ඔවුන ්අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටී’

ඡුායාරූප
අදාල ලිපි ලේඛණ ඇත

Written by
Aruna Jayalath

ජයලත් දිසානායක, අංක 33, ඉහළ අලුත් ඇල පාර, බදුල්ල. වෘත්ීය මාධ්‍යවේදිවයක් වලසින් කටයුතු කරයි. 2008 වසවේ සිට පුවත්පත් මාවධ්‍යේදිවයක් වලසින් මාධ්‍ය ක්වෂේත්‍රයට පිවිවසනවා. 2011 වසවේ සිට විද්යයුත් නාලිකා වලට සම්බන්ධ්‍ වනවා. ඒ අනුව වම් වන විට සේවාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, සේවර්ේවාහිනී, වෙරර්, හිරු, සියත යන රූපවාහිනී නාලිකාවල ප්‍රාවද්යශීය මාධ්‍යවේදිවයක් වලසින් කටයුතු කරනවා. එවමන්ම බීබීසී නාලිකාවේ සහ ෙසත ලංකා, ආටේීඅයි ශ්‍රී ලංකා, ඒෂියන් මිරේ යන වවබ් නාලිකාවේෙ ප්‍රාවද්යශීය මාධ්‍යවේදිවයක් වශවයන්ෙ කටයුතු කරනවා. 2015 වසවේදී රයිගම් වටලි සම්මාන උවළවල්දී වසවේ විශිෂේඨතම රූපවාහිනී කාලීන වැඩසටහනට හිමි සම්මානය සේවර්ේවාහිනිය දිනාගත් අතර එය මා විසින් රූපගත කරන ලද්යෙකි. 2016 වසවේ මැයි මාසය සෙහා වෙරර් නාලිකාව විසින් සංවිධ්‍ානය කරන ලෙ වහාෙම ප්‍රාවද්යශීය මාධ්‍යවේදියා වලසින් සම්මානය මාහට හිමි විය. තවෙ වම් වන විට බදුලුපුර නිවුසේ නමින් යූ ටියුබ් ප්‍රවෘත්ති නාලිකාවක් පවත්වාවගන එන අතර එහි වම් වන විටත් ග්‍රාහකයින් 58000 ඉක්මවා ඇත.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Convictions

ලක්ෂ 520 ක් යටකර හැදු උත්සව ශාලාවේ ආදයම වසර 05 ට ලක්ෂ 14 යි

By Prasanna Pradeep Kumara වවුනියාව දකුණ ප්‍රාදේශිය සභාව මගින් 2018 වසරේ පමණ...

Convictions

වසර 16 ක් පානීය ජලය අහිමි දිමුතුගම

By Kosala Gunawardana  පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා...

Convictions

ஆரம்பிக்கப்படாத திருகோணமலை இந்திய எண்ணெய்க் குத ஒப்பந்தம்; எரிபொருள் பற்றாக்குறையில் இலங்கை

By Afra Ansar  பெற்றோலியத்துக்கு எட்டப்படும் தேவைப்பாடு, பெற்றோலியத்தை இறக்குமதி செய்வது மற்றும் பெற்றோலியத்தை களஞ்சியப்படுத்துவது...

Convictions

රුපියල් 291639,356.66ක් වතුරේ යැවූ වවුනියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය

By Prasanna Pradeep Kumara වවුනියාව දිස්ත්‍රීක්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ...