දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ඍජුවම පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් සහ ප්‍රථිලාබ ලැබිය යුතු ව්‍යාපෘති වීම සිදුවිය යුත්තකි. නමුත් මෙහි සිදුවී ඇතැයි කියනු ලබන බරපතල දූෂණ සහා අක්‍රමිකතා පිළිබඳව මෙ වනවිට හෙළි වෙමිනි පවති.
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැළැස්ම යටතේ ස්වේච්ඡා සංවිධාන සඳහා ප්ලාස්ටික් පුටු 16056 ක් මිලදී ගැනීමට රුපියල් 15,880,200.00 ක මුදලක් වැයකර තිබුනි. මෙහිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට හා චක්‍රලේඛ අනුව කටයුතු කල යුතුව ඇත.නමුත් ප්‍රසම්පාදන සංග්‍රහයේ 4.1 සහ 4.4 යන මාර්ගෝපදේශවලට ඇතුළු නොවී දකුණු පළාතේ දිස්ත්‍රික්ක 03(ගාල්ල,මාතර,හම්බන්තොට) වෙන වෙනම කොටස් කර ප්‍රසම්පාදනය සිදුකර තිබුන අතර ප්‍රධාන ලේකම් තුමාගේ අංක 3/2016 හා 2016 අගෝස්තු 24 දිනැති දරණ චක්‍රලේඛයට අනුකූල නොවී භාණ්ඩ සඳහා වෙළඳ පොල මිළ ක්‍රමය යටතේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු අනුක්‍රමණ සීමාව ඉක්මවා ඇස්තමේන්තු වටිනාකම රු.මිලියන 16.5ක් වු මෙම ප්‍රසම්පාදනය සිදුකර ඇත.
ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම සඳහා වෙළෙඳ පොළ මිල ක්‍රමය යටතේ සැපැයුම් කරුවන්ගෙන් නිශ්චිත පිරිවිතරයන් සඳහන් කර මිල ගණන් කැදවිය යුතු වුවද මෙහිදී එවැනී නිශ්චිත පිරිවිතරයන් සඳහන් නොකර , ප්ලාස්ටික් පුටු අලෙවිකරණ වෙළෙඳ සැල් වෙතින් මිල ගනන් කැදවා තිබුනි. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවට ලැබුනු අඩු මිල ගනන් නොසලකා වැඩිම මිලට පුටු මිලදී ගැනීම වෙනුවෙන් රු.2819085 ක් වැඩියෙන් ගෙවීම් කර තිබුනී.
මේ පිලිබඳ බලධාරීන්ගෙන් ලද පිළිතුර වූයේ දිස්ත්‍රික්කය තුළ නොමිලයේ ප්‍රවාහනය කරදීම යන කරුණු සැලකිල්ල ගෙන ප්‍රසම්පාදන කමිටුව විසින් ආයතන තෝරා ගත් බවකි.
ඍජුවම නිශ්පාදන ආයතන වලින් මිළ ගනන් කැදවීම් නොකර එක් නිෂ්පාදන ආයතනයක මිල ගනන් සමග තොග සහා සිල්ලර සැපයුම්කරුවන් මිල ගනන් සැසදීමේන් පුටු මිලදී ගැනීමට ප්‍රසම්පාදන තීරණ ගැනීම හේතුවෙන් රු.4300988 ක පාඩුවක් රජයට සිදුකර තිබේ.
මෙහිදි විගණන වාර්තාවන්ට අනුව නිර්දේශ කර ඇත්තේ සිදුවී ඇති පාඩුව වගකිව යුතු නිලධාරින්ගෙන් අයකර ගත යුතුය යන්නයි
තවද දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් ඌන උපයෝගිතා අරමුදල් භාවිතා කරමින් ව්‍යවසයකයන්ට දිරිබල සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ බාහිර පුද්ගලයන් දෙදෙනෙකුට speed draft ණය ලෙස එක වර රු.5000000.00ක් ලබාදී තිබුණි.
එහිදී මෙම ණය යෝජිත ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන ලේකම් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැළසුම්) ප්‍රධාන අමාත්‍යාංශ උප ලේකම් අනුමැතිය ලැබී නොතිබුණි.එමෙන්ම පිළිගත් ක්‍රමය වන්නේ ණයකරුවන්ගෙන් ඇප සුරැකුම් ලබාගෙන ණය මුදල් ලබා දීමයි.නමුත් මෙහිදී සිදුවී තිබෙන්නේ ණය කරුවන්ගෙන් ඇප සුරැකුම් ලබා නොගෙන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික ඉඩම ඇප සුරැකුම් ලෙස තබාගෙන ණය මුදල නිදහස් කර තිබීමය.
පළාත් මූල්‍ය රීති 83 ප්‍රකාරව නිකුත් කල ප්‍රධාන අමාත්‍ය ලේකම්ගේ මූලික බලතල චක්‍රලේඛයට අනුකූල නොවී ණය මුදල් ගෙවීමට අදාල වවුචර පත් අනුමත කිරීම ,සහතික කිරීම සහ ගෙවීම යන සියළු කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම සිදුකර තිබු අතර, ණය කරුවන් නමින් නිකුත් කරන ලද රුපියල් 5000000 ක් වූ චෙක්පත් දෙකෙහිම රේඛණයන් අවලංගු කර අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින්ම බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගෙන තිබුණි.එසේම ණය ලාභියෙකුගේ රුපියල් 1557610 ක් වූ ණය වාරිකයන් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම ගෙවා තිබුනු අතර ,ඉදිරියේදී ගෙවිය යුතු ණය වාරික සඳහා අධ්‍යක්ෂ ජනරාල් ගේ පෞද්ගලික ජංගම ගිණුමට අදාලව වටිනාකම සහ දිනය සඳහන් නොවූ හිස් චෙක්පත් 06ක් භාරදී තිබූ බවද හෙලිවී ඇත.
මේ පිළිබඳව විමසීමේදී දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් එන්.ජී.කුමාරසිංහ මහතා කියා සිටියේ ප්ලාස්ටික් පුටු බෙදාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් ඇති බවත් සාමාන්‍යයෙන් පුටු විශාල ප්‍රමාණයක් එකවර මිළදී ගැනීමේදී විශාල වට්ටමක් ලබාදෙන බැවින් වට්ටම ලෙස අමතර භාණ්ඩ හෝ මුදල් ලබාදෙන බවත් ය.
නමුත් මෙම ගණු දෙණු වලදී එවැන්නක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නොමැති බවයි.
එමෙන්ම speed draft ණය මුදල සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටියේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සේවය අත්හිටුවීමට එවකට සිටි ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති බවයි.එමෙන්ම මෙ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් සහ ඊට අමතරව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවය.මෙම තත්ත්වය මත කිසිදු ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නොමැති බවද දකුණූ පළාත් සංවර්ධන අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.
අප මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් රුක්ෂාන් මල්ලවාරච්චි මහතාගෙන්ද විමසා සිටියේය.”ප්ලාස්ටික් පුටු බෙදා දීමේ වැඩ සටහන සම්බන්ධයෙන් නගන චෝදනාවන්ට තමන් නිවැරදි කරු බවත්,මෙම කරුණ පිළිබදව නඩු දෙකක් අධිකරණය හමුවේ විභාග වන බැවින් වැඩි දුර යමක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.”යනුවෙන් හෙතෙම කියා සිටියේය.
මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීම සදහා මෙම ලියුම්කරු විසින් 2022 ජනවාරි මස 03 වැනිදා දකුණු පළාත් සභාවේ ලේකම්වරයාටද සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරියටද තොරතුරු දැන ගැනීමේ පනත අනුව අයදුම් පත් දෙකක් යොමු කර ඇත.ඒ අනුව දකුණූ පළාත් සභා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීවරයා විසින් මෙම ලියුම්කරුගේ අයදුම්පත්‍රය ලැබුණු බවත්,පිළිතුරු දින 14 ක් ඇතුළත පිළිතුරු ලබා දෙන බවද දන්වා ඇත.නමුත් දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් අයදුම් පත්‍රය ලැබුණු බවවත් මෙතෙක් දන්වා එවා නැත.
බුද්ධික වීරසිංහ – දකුණු පළාත
Leave a comment