කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය විසින් 2020 වර්ෂයේ සහ කොළඹ
නගරයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ 2021යන වර්ෂයන්වලදී පවා තේ පැන් සංග්‍රහයන් සඳහා යැයි
පවසමින් ජනතා බදු මුදල් විශාල ලෙස අවභාවිතා කර තිබෙන බව සිදුකළ සොයා බැලීමකදී අනාවරණය කර ගැනීමට හැකිවිය
නගරාධිපතිනිය මේ ආකාරයෙන් බදු මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික
මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් විරෝධය දක්වා ඇතත් ඒ සියල්ලන් නිහඬ කරවීම සඳහා කිසිදු තොරතුරක් කිසිදු අයෙකුට ලබානොදෙන ලෙසට ද ඇය විසින් අදාළ අංශවලට දැනුම් දී තිබෙන බවද නගර මන්ත්‍රී වරුන් පවසා සිටි.
මේ ආකාරයෙන් වසර ගණනාවක් මුළුල්ලේ නගරාධිපති නිල නිවසේ පවත්වනු ලබන විශේෂ රැස්වීම් සහ සංග්‍රහ කිරීම් වෙනුවෙන් මිලියන 25ක නගරාධිපති සංග්‍රහ දීමනාවක් අයවැයෙන් වෙන් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ මුලසුන දරමින් නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසා සිටියද තොරතුරු දැනගැනීමේ පනත යටතේ නාගරික කොමසාරිස් තුමිය වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුව දෙන ලද පිළිතුරු ලිපිය මගින් නාගරික කොමසාරිස් තුමිය වෙනුවෙන් නාගරික භාණ්ඩාගාරිකතුමිය වන ශිරෝමා නන්දනී මහත්මිය සඳහන් කොට කියා ඇත්තේ එවැනි කිසිදු වියදමක් නගරාධිපතිනිය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර නොමැති බවය. නගරාධිපති නිල නිවස වෙනුවෙන් හෝ ඇයගේ පුද්ගලික පරිහරණය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නොමැති බවද නාගරික භාණ්ඩාගාරික තුමිය ශිරෝමා නන්දනී මහත්මිය විසින් එම පිළිතුරු ලිපියේ වැඩිදුරටත් සඳහන් කරමින් පවසා තිබේ.
තොරතුරු පනත යටතේ විමසන ලද තොරතුරුවලට අනුව 2020 හා 2021 යන වර්ෂ වලදී කෙටි ආහාර සඳහා
කරන ලද වියදම් පිළිබඳ වාර්තාවේ 2020 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය හැර දෙසැම්බර් මස දක්වා වු
කාලය තුළ රුපියල් හයලක්ෂ හතලිස් අට දහස් හාරසිය හතරක් (රු.648404/=) කෙටි කෑම සහා වියළි ආහාර
ද්‍රව්‍ය සදහා වැය කර ඇත.එම වාර්තාවන්ට අනුව ස්පොන්ජ් පේස්ට්‍රි ෂෝප් ආයතනයටත් (Sponge Pastry Shop) මාර්ක්ෆෙඩ් (Markfed) යන ආයතනයටත් මෙලෙස මුදල් ගෙවා ඇත.
තවද 2021 වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා වු කාලය තුළ රුපියල් හාර ලක්ෂ තිස් හතර දහස් නවසිය විසි පහක් (රු.434925/=) කෙටි කෑම සහා වියළි ආහාර ද්‍රව්‍ය සදහා වැය කර ඇත.එම වාර්තාවන්ට අනුව ද ස්පොන්ජ් පේස්ට්‍රි ෂෝප් ආයතනයටත් (Sponge Pastry Shop) මාර්ක්ෆෙඩ් (Markfed) යන ආයතනයටත් මෙලෙසටම මුදල් ගෙවා ඇත.
ඒ අනුව රුපියල් දස ලක්ෂ අසූ තුන්දාහස් තුන්සිය විසි නමයක් (රු. 10,83329/=) දක්වා SORT- EATS කමින් පැවැත්වූ රැස්වීම් මොනවාද ?
නිරෝධායන නීති රීති වලට අනුකූලව මහජන ඒකරාශී වීම් තහනම් කර තිබූ වකවානුවක කොළඹ නගරයට
නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ 2021යන වර්ෂයත් ඇතුළත් ව මාස දහනවයක කාලයක් සදහා මේසා කෙටි ආහාර සඳහා වියදමක් දැරීමට තරම් පවත්වන ලද රැස්වීම් කොපමණ ද යන්න විමතිය දනවන්නකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමේ දී 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) වගන්තිය අනුව තොරතුරු ලබා දීම ගරු නගරාධිපතිතුමිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ලිපියකින් දන්වා සිටී.
පවත්වන ලදැයි කියනා රැස්වීම් පිළිබඳ හෙලි කිරීම නගරාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් එවැනි රැස්වීම් වලට කෙටි කෑම සදහා මුදල් වැය වූ බවට මුසා පවසමින් මහජන මුදල් අවභාවිතා කරමින් සුර සැප විදින බවට නිගමනය කළ හැකි ය.
එපමණක් නොව ආයතනික තොරතුරු අභ්‍යන්තර හෝ බාහිර පුද්ගලයන්ට ලබා දීම රැකියාවෙන් නෙරපා හැරීමට හැකි තරම් වරදක් බවට ද නගරාධිපති නිය විසින් අදාළ අංශවලට අනතුරු අඟවා ඇත.
කොළඹ ඉතා සීමිත වපසරියක් සහිත කුඩා බිම් කඩක ජීවත්වන දරිද්‍රතාවයෙන් පිරි දුක්ඛිත ජීවිත ක්‍රමවේදයක් ගත් කරමින් දිනකට එක් ආහාර වේලකින් පමණක් කුස පුරවා ගන්නා මිනිසුන් විසින් ගෙවනා වරිපණම් බදු මුදලින් එවැනි පීඩිත පන්තියේ මිනිසුන් විසින් බලයට පත් කරන ලද ජනතා නියෝජිතයන් මෙලෙස සුර සැප ලබන්නට කටයුතු කිරීම ඉතා අවාසනාවන්ත තත්වයකි.
කෙසේ නමුත් මෙම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සම්බන්ධ කරගැනීමට කීප අවස්ථාවකදී උත්සහ කලත් එය ව්‍යර්ථ විය
දිලංගා ගෝමස් – බස්නාහිර පළාත
Leave a comment