හික්කඩුව සමූහ බුද්ධික වීරසිංහ
පළාත් සභා සුදු අලියෙක් යැයිද එයින් ජනතාවට සේවයක් නොමැති අතර ඒවායේ වියදම් මහජනතාවට බරක් බව ජනතාව ප්‍රකාශ කර සිටින්නේ බොහෝ කාලයක සිටය.පළාත්සභා ක්‍රමය ශ්‍රීලංකාවට හදුන්වා දෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි.මෙහිදී බලය විමධ්‍යගත කිරීමක් සිදුවන අතර සමහර බලතල සඳහා අද වනවිටද ගැටලුකාරී තත්වයක් ඇතිවී ඇති බව සැබෑවකි.
දකුණු පළාත් සභාව පිළිබඳව විස්තර සොයාබැලීමේදී ප්‍රවාහන ගමන් බිමන් සහ වාහන පාවිච්චියද දූෂණ සහ අක්‍රමිකතා වලින් පිරී පවතී. ඒවායෙන් අප සොයාගත් දේ ජනතාවට අනාවරණය කරන්නේ පළාත්සභා යනු සුදු අලියෙක්ම පමණක් නොව දූෂණ වංචා අක්‍රමිකතාවයන්ගෙන් පිරි ආයතනයක් බව ජනතාව දැනුවත් කිරීමටත් එම දූෂණ වංචා සහ අක්‍රමිකතාවන් පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් ඔවුන්ට මතක් කිරීමටය.
2017 පෙබරවාරි 17 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2017 අනුව විශේෂිත රාජකාරී සඳහා නිළධාරියෙකු ප්‍රධාන ගණන් දීමේ නිළධාරියාගේ හෝ ගණන් දීමේ නිළධාරියාගේ පූර්ව අනුමැතිය ඇතිව අධිවේගී මාර්ගය භාවිතා කල අවස්ථාවකදී ඒ සඳහා භාවිතා කල වාහනය වෙනුවෙන් ගෙවූ ප්‍රවේශපත්‍ර ගාස්තුව ප්‍රතිපූර්ණය කලහැකි බවකි . එසේ නමුදු දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට දෛනික සාමාන්‍ය රාජකාරී සඳහා නිවසේ සිට කාර්යාලයට පැමිනීමේදී අධිවේගී මාර්ගය භාවිතා කිරීම වෙනුවෙන් රුපියල් 137250 ක ප්‍රවේශපත්‍ර ගාස්තු ප්‍රතිපූරණය කර තිබුණි. මෙය චක්‍රලේඛ උල්ලංඝනය කිරීමකි.
එමෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට නිළ වාහන සඳහා ඉන්ධන සැපයීමේදී 2019 මැයි 31 දිනැති අංක 13/2008(v)දරණ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත්කරණ ලද චක්‍රලේඛය අනුව ඉන්ධන දීමනා ලබාගත යුතු වුවද, දකුණු පළාතේ 2019 මැයි 16 දිනැති ප්‍රධාන ලේකම් චක්‍රලේඛ(මුදල්) 02-2019 අනුව නිලවාහන සඳහා ඉන්ධන ප්‍රමාණය වැඩිකර තිබුණි.
භාණ්ඩාගාර ලේකම්ගේ අංක PED 1/2015 දරන හා 2015 මැයි 25 දිනැති චක්‍රලේඛයේ 3.1 හා 3. 2 ඡේදයන්ට අනුකූල නොවී දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් පාවිච්චි කල නිල වාහන සඳහා 2016 ජනවාරි සිට 2019 ජුනි දක්වා මසකට අනුමත ඉන්ධන සීමාව ඉක්මවා එකතුව රුපියල් 1,999,984 ක් වූ ඉන්ධන ලීටර් 17092ක් හා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාවිච්චි කල නිළ වාහනය සඳහා 2016 ජනවාරි සිට 2018 සැප්තැම්බර් මාසය දක්වා මසකට අනුමත ඉන්ධන සීමාව ඉක්මවා එකතුව රුපියල් 714,672 ක් වූ ඉන්ධන ලීටර් 7256 ක් ඉන්ධන ඇණවුම් මගින් ලබාගෙන තිබුනි.
මීට අමතරව යථෝක්ත චක්‍රලේඛයේ 3.3 ඡේදයට අනුකූල නොවී දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට 2018 ඔක්තෝබර් සිට 2019 ජුනි දක්වා ප්‍රවාහන දීමනාව සහ ඉන්ධන දිමනාව වශයෙන් එකතුව රුපියල් 750,000 ගෙවා තිබියදී අධිකාරියේ සංචිත වාහනයක්ද පාවිච්චි කර තිබුණි තවද ඉන්ධන දීමනාවට හා ප්‍රවාහන දීමනාවට අමතරව රියදුරු වැටුප් හා දීමනා සඳහා එකතුව රුපියල් 619,826 ක් සහ ඉන්ධන සඳහා රුපියල් 400,199ක් අධිකාරිය විසින් අමතරව වැය කර ඇත. මේ පිළිබඳව විමසීමේදී අදාළ අධ්‍යක්ෂවර ජනරාල් වරයා කියා සිටියේ මෙය තමා අපකීර්තියට පත් කිරීමට කරනු ලැබ ඇති චෝදනාවක් බවයි. නමුත් දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ ඉහළ නිළධාරියෙක් කියා සිටියේ මෙම පාඩු කර ඇති මුදල් අදාළ අයගෙන් අයකර ගැනීමට කටයුතු යොදන බවයි.
තවද වාහන අළුත්වැඩියාවක් මගින්ද කර ඇති බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳව ද මේ වන විට හෙලිවී ඇත.දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සන්තකයේ /භාවිතයේ පැවති අංක 56-6574 දරණ වාහනය 2010 වසරේදී පරිපාලන නීතිරීති හා මුදල් රෙගුලාසි වලට සපුරා පටහැනිව අළුත්වැඩියාවක් සඳහා ගරාජයක් වෙත යොමු කොට ඇත.මෙකී අළුත්වැඩියාවට අදාල දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ ලිපි සමාංක දපස/අඉමා/ආ/06/පෙත්-172හා 2012.07.25. දිනැති ලිපිය දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත යොමු කොට ඇත.මෙකී ලිපිය අනුව අළුත්වඩියව සඳහා වැය කරන ලද මුදල රුපියල් 285000 ක් බව පෙන්වා දී ඇත.මෙකී අළුත්වඩියාවට අදාලව ගරාජ් හිමියාට මුදල් නොගෙවීම මත ඔහු විසින් දකුණු පළාත් පෙත්සම් කාරක සභාවට අභියාචනාවක් යොමුකොට ඇත.
මේ පිළිබඳව මහජන පෙත්සම් කාරක සභාව විසින් පත්කරන ලද කමිටුවක් විසින් අළුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැදවීමක් හෝ චක්‍රලේඛ නීතිරීති රෙගුලාසි,ටෙන්ඩර් ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමක් දක්නට නොලැබෙන බැවින් අළුත්වැඩියාව සම්බන්ධයෙන් නිශ්චිත තහවුරු කිරීමක් කල නොහැකි බව නිගමනය කොට ඇත. මෙකී ලිපියට අනුව අළුත්වැඩියාවට පෙර හා පසු කාර්මික වාර්තා ලබාගෙන නොමැත.අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ගෙන නොමැත.වාහනය විධිමත් ලෙස අලුත්වැඩියාව සඳහා අදාල ගරාජයට භාරදී නොමැති බැවින් ගෙවීම් කිරීමේදී ගැටලු පැන ඇගිය හැකි බව ද පෙන්වාදී ඇත.එසේම මෙකී ලිපියට අනුව රුපියල් 285000 ක් මුදලක් අළුත්වැඩියාව සඳහා වැයවන බව පැහැදිලිවම පෙන්වා දී අවස්ථාවක රුපියල් 1285000 ක මුදලක් 2019 .10 .03 වන දින දකුණු පළාත් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරන ලද අභියාචනය පිළිගෙන පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කොට ගෙවීම් සිදු කොට ඇත.
මෙකී ගණුදෙනුව මතභේදයට තුඩුදෙන ගනුදෙනුවක් වන බවද වාහනය අලුත්වැඩියාව සඳහා වැය කරන ලද බවට පැවසෙන නමුත් සනාථ කල නොහැකි රුපියල් 285000 ක් වෙනුවට රුපියල් 1285000 ක මුදලක් මුදල් රෙගුලාසි හා පවත්නා ලිඛිත නීතියට පටහැනිව ගෙවීම් කිරීම කිසිසේත්ම සිදුකල නොහැකිය.
මෙකී මූල්‍ය වංචාව පිළිබඳව 2019 වසරේ විගණන විමසුම මගින් ලබාදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති අවස්ථාවක නැවත මෙකී විගණන විමසුම සහකාර විගණකාධිපතිගේ අත්සනින් 2020 ජුනි 15 වන දින දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත යොමුකොට ඇත.එයින්ද මෙම මූල්‍ය වංචාව තහවුරු වනු ඇත.
Leave a comment