– බදුල්ල, ජයලත් දිසානායක –
ජාතික මංමාවත් පනතේ 42 වන වගන්තිය යටතේ ජාතික මහා මාර්ගයක් සදහා නියමකර ඇති ඉදිකිරීම් සීමාව
උල්ලංඝණය කරමින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් 2022 සැප්තැම්බර් 28 හෝඊට පෙර ඉවත් කරන ලෙසට
දැනුම්දී ඇතත් එය මේ වන තෙක් සිදුව නොමැති බැව් බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු
කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා සදහන් කර සිටී.
සංවර්ධනය වූ පේරාදෙණිය – චෙන්කල්අඩි මාර්ගයේ මීදුම්පිටිය ප්‍රදේශයේ කලක් තිස්සේතිබුණු මගී ආවරණය
ඉවත් කිරීමත් සමගම එක්තරා පුද්ගලයෙක් විසින් එම ස්ථානයේ අනවසර ඉදිකිරීමක් සිදුකර ඇත.
පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මහා මාර්ගයේ මීදුම්පිටිය තොලබෝවත්ත ප්‍රදේශයේ වසර 50කට ආසන්න කාලයක් තිස්සේතිබුණු මගී ආවරණය මාර්ගය සංවර්ධනය වීසින් 2019 වසරේදී ඉවත් කළ බව ප්‍රදේශවාසීන් පවසති.
මේ හේතුවෙන් ශ්‍රී ගනේෂන් දෙමළ විද්‍යාලය, තොලබෝවත්ත මහ විද්‍යාලය, ඇල්ල අංක 01 දෙමළ විද්‍යාලය
ඇතුළු විද්‍යාල 5ක දරු දැරියන් මෙන්ම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත් නැවත එම මගී ආවරණය සවි කරන ලෙස ඉල්ලීම් කලද එය නොලැබුණු බව ගම්වාසීන් පවසති.
බිබිල, මඩකලපුව, අම්පාර, කාත්තන්කුඩි ආදී ප්‍රධාන බස්රථ මෙම ස්ථානයෙන් ගමන් කිරීම සිදුවන බැවින් මගී
ආවරණය අත්‍යාවශ්‍ය කරුණක් බවත් ජනතාව පෙන්වා දෙති.
කෙසේවෙතත් මගී ආවරණය වෙනුවට එම ස්ථානයේ එක් පුද්ගලයෙක් විසින් 2019 වසරේදී තාවකාලික
ඉදිකිරීමක් ආරම්භ කල අතර පසුව එහි කුඩා වෙළදසැලක්ද ඔහු විසින් ආරම්භ කල බව ප්‍රදේශවාසීන් පවසති. මෙම තත්වය නීති විරෝධී වන බව දැන දැනත් ඔහු එම ස්ථානයේ වෙළදසැල පවත්වාගෙන යන අතර එම පුද්ගලයාට ඇති දේශපාලන හයිය නිසා එවැන්නක් සිදුවූ බවට ද ජනතාව පෙන්වා දෙයි.
තම නම හෙලිකීරීමට අකමැති පුද්ගලයෙක් අදහස්දක්වමින් මෙසේකියා සිටියේය.
“මීදුම්පිටිය, තොලබෝවත්ත, කොස්ගම ආදී ගම්මානවල පවුල් 2000ක් පමණ ජීවත් වෙනවා. ගමනක් යන්න පාරට ඇවිත් බස්එකක් එනකම් අව්වෙන් හරි වැස්සෙන් හරි බේරෙන්න තිබුණු එකම මගී ආවරණය අද
දේශපාලකයෙක්ගේ වෙළද ස්ථානයක් බවට පත්වෙලා. තාවකාලික විදිහට කරන ලද ඉදිකිරීම අද වන විට ස්ථිර
ගොඩනැගිල්ලක් බවට පත්කරලා ඉවරයි. මිනිහෙක් මේ දේ කලානම් අද හිරෙත් දාලා ඇති. අදාල බළධාරීන්ගෙන් ඉල්ලන්නේ මේවා ගැන මීට වඩා හොයලා බලලා ජනතාවට සාධාරණයක් කර දෙන්න කියලයි.”
පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. ඥාණතිලක මහතාගේ අත්සනින් යුත් පස්/ප්‍රා/03 දරන 2022.09.09 දිනැති ලිපියට අනුව බදුල්ල බිබිල මාර්ගයේ මීදුම්පිටිය හන්දියේ මගී ආවරණය තිබූ ස්ථානයේ තාවකාලිකව වෙළද ස්ථානයක් පවත්වාගෙන ගොස්ඇති බවත් දැනට එම තාවකාලික වෙළද ස්ථානය ඉවත් කොට අනවසරයෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත්, එම අනවසර ඉදිකිරීම හේතුවෙන් හා එම ස්ථානයේ මගී ආවරණයක්නො මැතිවීම හේතුවෙන් පාසැල් ළමුන් හා මගීන් දැඩි අපහසුතාවයකට පත්වන බවද නිරීක්ෂණය වන බවත්,එබැවින් ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙස හා එසේනොමැති වුවහොත් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන බවට බිබිලපාර මීදුම්පිටිය පදිංචි ඉන්දික හේමසිරි යන අයට ලිඛිතව දන්වා යවා ඇත.
නමුත් එම ලිපිය කිසිදු තැකීමකට ලක් නොකරන මෙම පුද්ගලයා තව දුරටත් එම අනවසර ඉදිකිරීම තුල ව්‍යාපාරික කටයුතුද සිදු කරනා බව ජනතාව පවසති.
ආර්ඩීඒ/ඊඊ/බීඒ/ඩබ්/30 අංක යටතේ 2022.09.21 දිනැති ලිපියට අනුව බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ
විධායක ඉංජිනේරු වරයා විසින් ඉන්දික හේමසිරි යන අය වෙතද ලිපියකින් දන්වා යවා තිබේ.
එම ලිපියට අනුව ජාතික මහා මාර්ගයේ රථවාහන ගමන් කරනා කොටසේමැද සිට ඉදිකිරීමක් සිදුකල හැක්කේ
මීටර් 15ක සීමාව තුල වුවද මෙම ඉදිකිරීම බදුල්ල දෙසට මීටර් 4.95ක් දුරින් හා චෙන්කල්අඩි දෙසට මීටර් 7.30ක් දුරින් සිදුකර ඇති බවත් මෙසේසිදුකර ඇත්තේ ජාතික මංමාවත් පනත උල්ලංඝණය වන ආකාරයෙන් බවත් පැහැදිලිව පෙන්වා දී තිබේ.
පළාත් පාලන ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරිය තම ආයතන වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු
කිරීමට අදාලව සියළු ලිපි අදාල පුද්ගලයා වෙතට යොමුකර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහු යහපත්
ප්‍රතිචාරයක් ගෙන නොමැත.
එසේනම් ඔහු මේ ගෙන යනු ලබන්නේ කැලෑ නීතියද? එක රටක් – එක නීතියක් යන්න පොඩි මිනිහාට පමණක්ද? දේශපාලඥයින්ගේ ආශිර්වාද මැද තවත් මෙවන් මහජන පීඩාවන් නිමාව දකින්නේ කවදාද? යන ප්‍රශ්නය පමණක්ඉ තිරිව ඇත.
Leave a comment