Bribery

ගහන හැටි ඉගෙන ගන්න හොදම තැන මොරටුව මහා නගර සභාවද……?

සියලුම පුරවැසියන්ට යහපත් ජන ජීවිතයක් යන තේමාව දැක්ම කරගත් මානව සම්පත් වලින් ද සියලු බදු මුදලින් ද පුරවැසියන්ගේ සුව සම්පත, සැප විහරණ ද සුඛිත මුදිත ජීවන තත්ත්වය ද ඇති කිරීම හා පාරිසරික භෞතික සම්පත් සම්බන්ධයෙන් නැණ නුවණින් හෙබි මතු පරපුරක්වෙ නුවෙන් නාගරික දියුණුව සපථ කිරීම මෙහෙවර කර ගත් මොරටුව මහ නගර සභාවේ දූෂණ අක්‍රමිකතා සහා කළමණාකරණ, මෙහෙයුම්අ කාර්යක්ෂමතා රාශියක් අනාවරණය වී ඇත.

ඒ අනුව වරිපනම් අංශයේ පරිගණක සේවයට අනුයුක්ත කර ඇති සේවකයන් විසින් පොදු මුරපදය (comman password )හොර රහසේ යොදා ගෙන ව්‍යාජ ලෙස භාවිතා කරමින් 2018 වර්ෂයේ අවස්ථා 10 ක දී රුපියල් 105,893ක් වටිනා බිල්පත් අවලංගු කර වරිපණම් බදු අක්‍රමිකතාවයක් සිදුකර ඇත.මාණ්ඩලික නිලධාරියෙකු සතුව පමණක් පැවතිය යුතු රහස්මු රපදයද ( secret password )‍ ව්‍යාජ ලෙස භාවිතා කර තිබිණි.

මෙලෙස රජයට අයවිය යුතු වරිපනම් බදු මුදල් අය කර ගැනීමට සිටින නිලධාරීන් විසින්ම බදු මුදල් බිල්පත් අවලංගු කරමින් බදු අක්‍රමිකතාවයන් සිදු කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදු කර ඇති අතර මෙම බදු වංචාව සඳහා කටයුතු කල නිලධාරීන් අයථා ගනුදෙනුවක් සිදු කල බවක් නිගමනය කල හැක.

කම්පැක්ටර් රථයකට 2019 අගෝස්තු මස 10 වන දින සිදු වූ අනතුරක් සම්බන්දයෙන් අගතියට පත් පාර්ශ්වයට, වැරදිකරු වූ මොරටුව මහ නගර සභාවේ රියදුරෙකු විසින් රුපියල් 3,001,717 ක මුදලක් ගෙවීමට නියම වී තිබුනද එම මුදල සභා අරමුදලින් ගෙවා ඇති බවට අනාවරණය විය.

රිය අනතුර සම්බන්ධයෙන් සිදු කරන ලද අධිකරණ ක්‍රියාවලියකින් පසුව ගෙවීමට සිදුවූ වන්දි මුදල් සභාවේ අනුමැතිය පරිදි මෙම වැරදිකරු වූ සභාවේ රියදුරුගෙන් වාරික වශයෙන් අයකර ගැනීමට කටයුතු කර තිබුණද වර්ෂ 2019 පෙබරවාරි මස 28 වන දින වන විට ද රුපියල් 112,205 ක මුදලක් පමණක් රියදුරු ගෙන් අය කරගෙන තිබුණු අතර නැවත එම වාරික මුදල් අයකිරීම ඉවත් කර සහනයක් සලසා දෙන ලෙස ආයතන කමිටුව මගින් මහා සභාව වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට අනුකූලව රියදුරු මහතා කෙරෙහි සානුකම්පිතව සලකා බලා වර්ෂ 2019 මාර්තු මස සිට අයකිරීම් නතර කිරීමෙන් සභාවට අයවිය යුතුව තිබූ රුපියල් 2,889,512ක් අය කර ගැනීමට කටයුතු කර නොතිබිනි.

මේ සම්බන්ධ මූලික විමර්ශනයක් සිදු කර අලාභ අය කර ගන්නා ලෙසට විගණකාධිපතිවරයා නිර්දේශ කලද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත.එය රජයට සිදුවූ අලාභයකි.

මොරටුව මහ නගර සභාවට අයත් ” ද සොයිසා ක්‍රීඩාංගණය ” තුළ මොරටුව ක්‍රීඩා සමාජය (moratuwa sports club) නමින් දෙමහල් ගොඩනැගිල්ලක් ස්ථාපනය කර බදු දී තිබූ අතර අදාළ ගොඩනැගිල්ල සභාවේ අවසරයකින් තොරව තෙවැනි පාර්ශ්වයක් වූ සමාජ ශාලාවකට (club house ) හා ශරීර සුවතා මධ්‍යස්ථානයකට මොරටුව ක්‍රීඩා සමාජය විසින් උප බදු දීමක් සිදු කර ඇත. එලෙස උප බදු දී මසකට පිළිවෙලින් රුපියල් විසිපන්දාහක් හා රුපියල් තිස් දාහක්ව ශයෙන් මාසිකව එකතුව රුපියල් පනස් පන්දාහක් බැගින් උපයා තිබුණි.

එමෙන්ම ක්‍රිකට් තරග පවත්වන අවස්ථාවන්හිදී මොරටුව ක්‍රීඩා සමාජය විසින් විශාල මුදලක් උපයන බවත් මොරටුව මහ නගර සභා විසින් උපයාගත හැකිව තිබුණු ආදායමක් මෙසේ බාහිර පාර්ශවයන් විසින් උපයා ගනු ලබන බවක් නිරීක්ෂණය වේ. අයවිය යුතු මුදල් මෙලෙස බාහිර පාර්ශවයන් වෙත ලැබීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවේ.

තොරතුරු දැනගැනීමේ පනත ඇසුරින් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති අතර මෙතෙක් ඒසම්බන්ධයෙන් පිළිතුරු නොලැබුණි.

ආදායම් රැස් කිරීමේ කාර්යය සාධනයට අනුකූලව සැහැල්ලු කසල ඉවත් කිරීම වෙනුවෙන් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ ආයතන 722 කින් ලැබිය යුතුව තිබූ රුපියල් 38,305,771 ක හිඟ ශේෂයන් (බදු රහිත) සමාලෝචිත වර්ෂය තුළ අය කර ගැනීමට තිබුණද එම ආදායම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

මෙම ශේෂය තුළ 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලයට අදාළව රුපියල් 25,663,826 ක් ද
අය විය යුතුව තිබුණි. ලැබිය යුතු ආදායම් අය කර ගැනීමට පමා වීම විමසා බැලිය යුතු තත්ත්වයකි.

පානදුර ප්‍රාදේශීය සභාවේ කසළ , කරදියාන කසළ අංගනය වෙත බැහැර කිරීම වෙනුවෙන් 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයට අදාළව පානදුර ප්‍රාදේශීය සභාවෙන් බදු සහිතව ලැබිය යුතු රුපියල් 1,297,188 ක් සමාලෝචිත වර්ෂය තුළදී අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

මහ නගර සභා ආඥා පනතේ 252 අධිකාරය 188(1) උප වගන්තියට අනුව මහ නගර සභා අරමුදල ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයේ ගනුදෙනුවක් වන සභාවේ සභිකයින් විසි හත් දෙනෙකු වෙනුවෙන් හදිසි අනතුරු හා රක්ෂණාවරණයක් සඳහා 2015 සහ 2016 යන වර්ෂවලදී සභා අරමුදලින් පිලිවෙලින් රුපියල් 953,715 ක් සහා රුපියල් 1,086,807 ක් වශයෙන් එකතුව රුපියල් 2,040,522ක් ගෙවීම් කර තිබුණද සභාවට අයවිය යුතු රුපියල් 1,703,022 ක මුදල සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

මෙලෙස මහ නගර සභා ආඥා පනතට පටහැනිව ක්‍රියා කිරීමට යාමෙන් සිදු වී ඇති පාඩුව අය කර ගැනීමට විගණකාධිපතිවරයා විගණක වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මෙවැනි ක්‍රියාවලීන් මගින් මොරටුව මහ නගර සභාවේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහා අදූරදර්ශී පාලන ක්‍රමය මැනවින් පැහැදිලි වේ.

වර්ෂ 2016 දී එවකට බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය හා පළාත් පාලන විෂයභාර අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ට පැවරී ඇති බලතල ප්‍රකාරව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු මහතාට එරෙහිව 2015 වර්ෂයේ දී නගරාධිපති වශයෙන් කටයුතු කරමින් සිටියදී මොරටුව මහ නගර සභාවෙහි පාලනය යටතේ වන රාවතාවත්ත සුසාන භූමියේ පිහිටා ඇති තේක්ක ගස් කිහිපයක් මොරටුව මහ නගර සභාවෙහි විධිමත් සභා සම්මුතියකින් තොරව අනුමැතිය දී කපා ඉවත් කිරීම සහා 2015 වර්ෂයේ දී මොරටුව මහ නගර සභාවේ නගරාධිපති වශයෙන් කටයුතු කරමින් මොරටුව මහ නගර සභා පරිශ්‍රයෙහි ආරක්ෂක සේවාව
පවත්වාගෙන යාම සම්බන්ධව විධිමත් සභා සම්මුතියකින් තොරව හෝගිවිසුම සභා අනුමත කිරීමකින් තොරව රත්නපුර ප්‍රදේශයේ පුද්ගලික ආරක්ෂක සමාගමක් සමග ගිවිසුමකට ඇතුළත් වීමට ක්‍රියා කිරීම,වර්ෂ 2009 සහා වර්ෂ 2010 අතර කාලසීමාව තුල දී මොරටුව දුම්රිය පොළ ආසන්නයේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා දෙන ලද නියෝගය ක්‍රියාත්මක නොකිරීම හෝක්‍රියාත්මක කිරීමට නොහැකි වන ආකාරයට සැලැස්වීම යනාදී චෝදනා ගොනු කර තිබූ අතර ප්‍රධාන අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ ඒ සම්බන්ධව
පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පරික්ෂණ කොමිෂන් සභාවක් ද පත් කර තිබිණි.

එම පරීක්ෂණය මුළුමනින්ම රාජකාරි කටයුතු සම්බන්ධව සිදු වුවත් එම අවස්ථාවේ පැවති තත්වය යටතේ යැයි පවසමින් එම කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීම සඳහා මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා වන ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් තම පුද්ගලික වියදමින් නීතිඥ සහාය ලබාගෙන ඇත.

එම පරීක්ෂණය එවකට බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හා එම කොමිෂන් සභාවේ ක්‍රියා කලාපය හේතුවෙන් මොරටුව මහ නගර සභාවට සහ එහි නගරාධිපති වරයා වන ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් ඉටුකළ රාජකාරි වලට විශාල අපකීර්තියක් සිදුවිය හැකි බව පෙනී ගිය බව පවසමින් නගරාධිපති වරයා විසින් ප්‍රධාන අමාත්‍යවරයා වන ඉසුර දේවප්‍රිය මහතාට සහ එම කොමිසන් සභාවට එරෙහිව බස්නාහිර පළාත් කොළඹ මහාධිකරණයේ 2016 වර්ෂයේ දී නඩුවක් ගොනු කර ඇත.

එම නඩුවේ දී එකී චෝදනා එම පරීක්ෂණ කොමිෂන් සභාව හා ඒ යටතේ සිදුකරන ලද සියලුම කටයුතු නවත්වා දැමීමට හා ඉල්ලා අස්කර ගැනීමට එවකට බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සහ පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු කුමාර හේවගේ සුමිත්‍රපාල මහතා හා එම කොමිෂන් සභාවේ ලේකම් කේ.පී.ලාල් ද සිල්වා යන අය 2017.11.14 වන දී පැවැති නඩු විභාගයේදී අධිකරණය ඉදිරියේ එකඟ වීම මත එම නීති කටයුතු අවසන් වී ඇත.

ඒ අනුව ඉහත කී කොමිෂන් සභා පරීක්ෂණය හා නඩුව සඳහා තම පුද්ගලික වියදමින් රුපියල් 2,375,000/- ක මුදලක් දැරීමට සිදු වූ බවට පවසමින් එම පරීක්ෂණය හා නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා විසින් සනාථ කරන ලද ලිපියක් මුදල් කමිටුව වෙත ඉදිරිපත් කරමින් 2022/04/01 දිනැති මහා සභාවේ සභා සම්මුතිය මගින් නඩු හා පරීක්ෂණ වලට අදාළව වැය වු නීතිඥ ගාස්තු සහා අනෙකුත් වියදම් නගරාධිපති ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා වෙත සභා අරමුදලින් ගෙවීමට අනුමත වී ඇත.

එවකට බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය හා පළාත් පාලන විෂයභාර අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ට පැවරී ඇති බලතල ප්‍රකාරව යැයි පවසමින් එල්ල කර ගොනු කරන ලද චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරනු වෙනුවට වගකීම් රහිත පුද්ගලයන් ලෙස එම චෝදනා ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගත තත්වයකි.

මොරටුව මහ නගර සභාවට සහ නගරාධිපතිවරයාගේ රාජකාරි වලට සිදු වූයේ යැයි පැවසෙන අපකීර්තියෙන් ගැලවීම සඳහා අසරණ ජනතා බදු මුදල් භාවිතා කිරීම අනුමත කල හැකිද ? පාලකයන්ගේ අක්‍රමිකතා සහා දූෂණයන් සදහා සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් බදු ගෙවන සාමාන්‍ය ජනතාව වගකිව යුත්තෝවෙත්ද ?

සටහන:- දිලංග ගෝමස් – බස්නාහිර පළාත

Written by
JF Dilanga Gomes

දිලංගා ගගෝමස්- බස්නාහිර පළාත 2014 වර්ෂගේ සිට 2016 වර්ෂය දක්වා මව්බිම පුවත්පගත් ප්‍රාගේශීය ප්‍රවෘත්ි වාතෂාකාරිනියක් ගලසටත් 2016 වර්ෂගේ සිට ගේ දක්වා "ලංකාදීප" , "අද" ,සහා "Daily Mirror" යන පුවත්පත් වල අධිකරණ පුවත් වාතෂාකාරිනිය ගලසට කටයුතු කරමි

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Bribery

X-Press Pearl කරපු විනාශය සම්බන්ධයෙන් TISL සහ CEJ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට.

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා...

Bribery

200மில்லியன் ரூபாவுக்கும் அதிகமான நிதி எங்கே?

200மில்லியன் ரூபாவுக்கும்அதிகமான நிதி எங்கே? ‘மஹபொல நம்பிக்கை நிதியம் மௌனம்: பொருளாதார நெருக்கடியால் மஹாபொல ஊக்கத்தொகை...

Bribery

அசமந்தத்தால் வருமானத்தை இழந்தது வவுனியா நகரசபை : நிலுவைத்தொகை கோடிகளை தாண்டியது

பாலநாதன் சதீஸ் வவுனியா நகரசபையினர் சரியான முறையில் சொத்துக்களை மீள் மதிப்பீடு செய்து அதன் பெறுமதி...

Bribery

உள்ளூராட்சி மன்ற தேர்தலும் பெண்களது வகிபாகமும்

கேஷாயினி  இலங்கையின் அரசியல் செயற்பாடுகளில் பெண்களது வகிபாகமானது உலகளாவிய ரீதியில் ஒப்பீட்டளவில் ஓரளவாக காணப்படுகின்ற போதிலும்,...