බදුල්ල මහ නගර සභාවට තෑගි ඔප්පුවකින් පරිත්‍යාග කර තිබූ රුපියල් කෝටි ගණනාවක වටිනාකමකින් යුක්ත පර්චස් 3565ක ඉඩමක් (අක්කර 22 යි,රූඩ් 01යි, පර්චස්05) වසර 28කට පසුව එම තෑගි ඔප්පුව අවලංගු කරමින් නගර සභාව සතුව පවතින ඉඩම අහිමි කිරීමට එවක හිටපු නගරාධිපතිවරයා වංචා සහගත අයුරින් කටයුතු කර ඇති බවට ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම්වරයා විසින් 2022.07.26 වන දින බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක්කර ඇති බැව් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලද ලිපි ලේඛණ වලින් අනාවරණය වී ඇත.
බදුල්ල “රිදීපාන වත්ත” නමින් හදුන්වන මෙම ඉඩම 1994 ජූනි 29 වන දින අංක 2823 දරණ තෑගි ඔප්පුවකින් හත්දෙනෙකුට අයිතිව තිබූ දේපලක් සුබාෂ්මෝහනදාස්මහාලිංගම් මහතා ඇටර්නිබලකරු ලෙස අත්සන් කර බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ බදුල්ල මහ නගර සභාව, එහි සාමාජිකයින්, එහි කාර්ය මණ්ඩලය, පොදුවේ බදුල්ලේ ජනතාවට තෑගි ඔප්පුවකින් ප්රදානය කර ඇත.
එසේතෑගි කරන ලද ඉඩම වසර 28කට පසුව එනම්, 2022 අප්‍රේල් මස 26 වන දින 18490 අංක යටතේ වරද නිවැරදි කිරීමේ ප්‍රකාශන ඔප්පුව තුලින් 1994.06.29 වන දින ලියා සහතික කරන ලද අංක 2823 දරණ තෑගි ඔප්පුවෙන් පළමු ප්රකාශනකාර සුබාෂ්මෝහනදාස්මහාලිංගම් මහතා විසින් එවකට බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති දූරය හෙබවූ දෙවන ප්රකාශනකරුගේ නිළ නාමයට වෙනුවට මුල්ලේ විදානෙලාගේ දොන් අමරසිරි හේමචන්ද්‍ර යන පෞද්ගලික නාමයට තෑගි කොට එකී තෑග්ග පවරා ඇති බැව් සදහන් වෙයි.
තවද 2022 ජූනි 09 වන දින 18509 දරන අංකය යටතේ 1994.06.29 ලියන ලද අංක 2823 දරන තෑගි ඔප්පුව අවලංගු කර ඇත.
බදුල්ල මහ නගර සභාවට අදාළ ඉඩම් පවරා දීමේදී මහ නගර සභා ආඥා පනත ප්‍රකාරව පැවරිය යුත්තේ නාගරික කොමසාරිස්වරයාට වුවද පළමු පාර්ශවකරුවන සුභාෂ්මෝහනදාස්මහාලිංගම් මහතා විසින් බදුල්ල මහ නගර සභාවට අදාළ ඉඩම් කොටස්පවරා නොදී එවකට බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවූ මුල්ලේ විදානෙලාගේ දොන් අමරසිරි හේමචන්ද්‍ර මහතාට පෞද්ගලික ආකාරයෙන් ඇති හිතවත්කම,ආදර කරුණාව හේතුකොට ගෙන බදුල්ල මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ බදුල්ල පොදු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ යහපත උදෙසා යහපත් කාර්යයක් කිරීම වෙනුවෙන් බදුල්ල මහ නගර සභාවේ එවකට නගරාධිපති දූරය දැරූ දෙවන පාර්ශවකරුට තෑගි කොට පවරන ලද බව 18509 අංක දරණ තෑගි ඔප්පුව අවලංගු කිරීමේ ඔප්පුවේ සදහන් කර ඇත.
තවද එකී තෑගි කරන ලද ඉඩමේ අදාල අරමුණු ඉටුකර ගැනීමට දෙවන පාර්ශවය අපොහොසත්වීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙම තෑගි ඔප්පුව අවලංගු කිරීමට දෙපාර්ශවයම එකග වී ඇත. එසේම මෙතැන් පටන් ඉඩම් වල අයිතිය දෙවැනි පාර්ශවයට නැති බවත් ඉඩම්වල අයිතිය පළමු පාර්ශවයට ඇති බවත් 18509 දරන තෑගි ඔප්පුව අවලංගු කිරීමේ ඔප්පුවේ සදහන් වේ.
මෙවන් තත්වයක් ඇතිවන්නේ වසර 28කට පසුවයි. එය මහත්වූ ගැටළුකාරී තත්වයක් බවට පත්වෙද්දී මෙම ඉඩම්නැ වත පවරාදීම සම්බන්ධයෙන් බදුල්ල මහ නගර සභාවේ අගෝස්තු මස පැවති මහ සභාවේදීද යෝජනාවක් ලෙසට ගෙන ආ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර විවිධ අදහස්මතු වෙන්නට විය.
එහිදී උප නගරාධිපති රංගේ අසිත නලින්ද මහතා අදහස්දක්වමින් ඉතා දීර්ඝ විස්තරයක් කරමින් මෙම ඉඩමේ
වටිනාකම ඉලක්කමෙන් කියවීමටත් අපහසු ගණනක් බවත් නගර සභාවට අයත් මෙවන් දේපලක් අහිමි කිරීමට උත්සහ කර ඇති පාර්ශවයන්ට නීතිමය කටයුතු කිරීම යෝග්‍ය බවද සදහන් කරන ලදි. එමෙන්ම එවකට හිටපු
නගරාධිපතිවරයාට මෙම ඉඩම තෑගි කර ඇත්නම්, එය පුද්ගලික ඉඩමක් නම්, 2022 අගෝස්තු මාසයේදී මෙම ඉඩම සම්බන්ධව සභා වාරයට යෝජනාවක් හැටියට ගෙනආවේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියේය.
1994 වසරේ සිට 2006 දක්වාවූ කාලය තුල බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ධූරය හොබවා ඇත්තේ මෙහි දෙවන පාර්ශවකරු ලෙසින් සදහන් මුල්ලේ විදානෙලාගේ දොන් අමරසිරි හේමචන්ද්‍ර නැමති නගරාධිපතිවරයායි. එම කාලය තුලදී මෙම වරද නිවැරදි කිරීමට කටයුතු නොකලේ මන්ද යන ප්රශ්නය මේ වන විට කා අතරත් කතා බහට ලක්වෙමින් තිබේ.
හේමචන්ද්‍ර මහතා නගරාධිපති දූරය දැරූ කාලය තුලදී මෙම ඉඩමේ නිවාස යෝජනා ක්‍රමයක් සම්බන්ධව යෝජනාවක් සිදුව ඇති අතර
එහිදී පාර්ශව ගණනාවක් වෙතට ලිපි හුවමාරුවී ඇත. එමෙන්ම එම නිවාස යෝජනා ක්‍රමයට අදාලව නගර සභාවේ මහා සභාවේදී යෝජනා සම්මත වීමක්ද සිදුව ඇත.
තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලද එම ලිපි පහත පරිදි වේ.
නගරාධිපතිගේ ඉල්ලීමකට අනුව 1994.06.29 වන දින නගර සභාව වෙතට ඉඩම පරිත්‍යාග කෙරුනේ නිවාස
ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බවත් එම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නම් එම අදාල සමාගමට ඉඩම පැවරීමට තමාගේ කිසිදු අකමැත්තක් නොවන බවද පෙන්වා දෙමින් මහාලිංගම් මහතා 2005.05.24 වන දින නගරාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත.
ඒ අනුව 2005.05.31 වන දින බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කරන
නගරාධිපතිවරයා නිවාස යෝජනා ක්‍රමයට අදාලව මෙම ඉඩම රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත අදාල සමාගම වෙත ලබාදෙන ලෙසට යෝජනා කර ඇත.
එහිදී මුළු ඉඩම් ප්‍රමාණයම රජයේ තක්සේරුව අනුව නිවාස යෝජනා ක්‍රමයක් පමණක් ඉදිකිරීමට බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය කමිටුව 2005.06.08 වන දින නිර්දේශ කර ඇත.
සෞඛ්‍ය කමිටුවේ නිර්දේශය සලකා බලමින් මෙම රිදීපාන ඉඩම රජයේ තක්සේරු අනුව සහ යටිතල පහසුකම් අනුව නිවාස යෝජනා ක්‍රමයක් පමණක් ඉදිකිරීම සදහා බදුල්ල මහ නගර සභාවේ මුදල් කමිටුවද 2005.06.08 වන දින නිර්දේශ කර ඇත.
2005.06.24 වන දින නගරාධිපතිවරයා විසින් එවකට ඌව පළාත් මහ අමාත්‍යවරයාව සිටි විජිත් විජිතමුණි සොයිසා මහතා වෙතට ලිපියක් ඉදිරිපත් කරමින් නිවාස යෝජනා ක්‍රමයට අදාලව 2005.06.16 වන දින පැවති මහ සභාවේදී ගත් තීරණයට අනුව අදාල ඉඩම රාජ්‍ය තක්සේරුකරුගේ තක්සේරුවට අනුව නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක සමාගම වෙත විකිණීමට අනුමැතිය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.
කෙසේවෙතත් පසුව එම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවී තිබුණේ නැත.
“මේක තමන්ගේ පෞද්ගලික ඉඩමක් නම් මොකටද ඒ දවස්වල නගර සභාවේ කමිටුවලට දාලා, එවක මහ ඇමතිට ලියුම් ලියලා අනුමැතිය ලබාගන්නේ. ඒකෙන්ම තේරෙනවා මේ දේපල මහාලිංගම් මහතා තෑගි කරලා තියෙන්නේ බදුල්ල මහ නගර සභාවට කියලා. මේක ජාතික විගණනයට පවා ලක්විය යුතු කරුනක්. අල්ලස්දෙපාර්තමේන්තුවට පැමිණිලි කල යුතු කාරණයක්“. යනුවෙන් තම අනන්‍යතාවය හෙලි කිරීමට අකමැතිවූ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සදහන් කලා.
2006 වසරේදී මෙම හිටපු නගරාධිපතිවරයා පළාත් පාලන නිළවරණයෙන් පරාජය වන අතර ඔහු එතැන් සිට මේ දක්වාම බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් වර්ථමානයේ විපක්ෂ නායකවරයා ලෙසත් කටයුතු කරයි. පසුගිය කාලය පුරාවටම මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු නොවී පසුගිය ජූනි මාසයේදී මෙවන් සිද්ධියක් සිදුවීම තුල යම් අදිසි බලවේගයක් පවතින බවට බොහෝපාර්ශව මත පල කරයි.
වසර 28ක් පුරාවට පැන නොනැගි මෙම ඉඩම සම්බන්ධයෙන්මේ වන විට ඇතිවූ තත්වයත් සමගින් බදුල්ල මහ නගර සභාවේ ආඥා පනතට අනුව මෙම දේපල සහ ඊට සම්බන්ධ කවර හෝඅන්සතුවීමක් සිදුවන ඔප්පුවක් හෝනීතිමය ලියවිල්ලක් නොලියන ලෙසට ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 32වන වගන්තිය යටතේ බදුල්ල ඉඩම්ලි යාපදිංචි කිරීමේ කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයා වෙත බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස්වරයා විසින් 2022.08.10 දින කේවියට් ආඥාවක් ඉදිරිපත් කර ඇත.
එමෙන්ම අදාල තෑගි ඔප්පුව වෙනත් පාර්ශවයක් විසින් අවලංගුකර එම ඉඩමේ මුල් අයිතිකරුවන්ට නැවතත් අයිතිය පවරා ඇතත් එය නගර සභාවේ අනුදැනුමකින් තොරව සිදුකරන ලද එකක් බවට නගර සභාවේ මහා සභාවද දැනුවත්ක ල බවත් බදුල්ල පොලීසියේ CIB 1 360/261 යටතේ බදුල්ල මහ නගර සභාවේ නාගරික් කොමසාරිස්වරයා පැමිණිල්ලක්ද සිදුකර ඇත.
තවද මහ සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුව මේ සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට නීතිඥවරියක්ද දැනුවත් කිරීමට නාගරික කොමසාරිස්වරය කටයුතු කර ඇතැයි තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලද ලිපි ලේඛණ වලින් අනාවරණය වෙයි.
කෙසේවෙතත් මහජන නියෝජිතයින් සිය සේවය මහජනතාවට ලබාදිය යුතුව තිබියදී සේවය පසෙක දමමින් නගර සභාවේ කෝටි ගණනක දේපලක් අහිමි කරමින් මෙවන් අනීතික කටයුතු සිදු කලේ කුමන බලවේගයක් තුලින්ද යන ප්රශ්නය මේ දිනවල බදුලු නගරයේ තැන් තැන් වල දැඩි කථා බහට ලක්ව ඇති කරුණකි.
සටහන සහ ඡායාරූප :- ජයලත් දිසානායක – බදුල්ල
Leave a comment