Convictions

අඩු ආදායම් ලාභීන්ට දෙන්න කියා ඉන්දියාවෙන් දුන්න සහල් ගුරුවරුන්ට බෙදලා………….!

අඩු ආදායම්ලාභීන්ට හිමි ඉන්දියන් ආධාර දේශපාලකයාගේ මැදිහත්වීමෙන් විදුහල්පතිවරුන් ඇතුලු රජයේ
සේවකයින්ට බෙදලා.

ඉන්දියාවේ තමිල්නාඩු රජයේ මැදිහත්වීම මත ලංකාවේ අඩු ආදායම්ලාභී දෙමළ ජනතාවට බෙදාදීමට එවන ලද
සහනාධාර විද්‍යාලවල ගුරුවරුන් ඇතුලු රජයේ සේවකයින් පිරිසක් වෙත බෙදාදීමට දේශපාලකයෙක් පසුගිය
ඔක්තෝබර් 02වන දින කටයුතු කර ඇතැයි වාර්ථා වෙයි.

මෙම ද්‍රව්‍ය බෙදාදීම බදුල්ල පස්සර පාරේ 3කණුව ප්‍රදේශයේ පිහිටා ඇති මානව වැවිලි සංවර්ධන භාර කාර්යාලයේදී (TRUST) සිදුකර තිබේ.

එසේබෙදාදී ඇති වියළි ආහාර ඇසුරුම් ලබාගැනීමට පැමිණෙන ලෙසට දෙමෝදර සවුදම් විදුහලේ විදුහල්පති කේ. යෝගේෂ්වරන් මහතා විසින් විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ දුරකථන වෙතට වට්ස්ඇප් පණිවුඩයක් යවා තිබුණි. එම පණිවුඩයේ දැක්වෙන ආකාරයට මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව සදහන්.

එම වට්ස්ඇප් පණිවුඩය තමන් විසින් යැවූ බව අප කල විමසීමේදී යෝගේෂ්වරන් මහතා ද තහවුරු කලේය.

මෙම ආහාර ද්‍රව්‍ය (කිලේ 45000) සැප්තැම්බර් මස 28වන දින බදුල්ල දුම්රිය ස්ථානයට ලැබී තිබූ අතර එය
අශෝක් කුමාර් යන අයෙකු විසින් භාරගෙන ඇති බවට දුම්රිය ස්ථානයේ ඇති පොත්පත් වලින් තහවුරු වන බව

මෙම අශෝක් කුමාර් ලෙසට සදහන් පුද්ගලයා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට හදුනාගත් අතර මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීම සම්බන්ධයෙන් තමන් කිසිදු දෙයක් නොදන්නා බවයි ඔහුගෙන් කල විමසීමේදී සදහන්කර සිටියේ.

සැප්තැම්බර් 28 වන දින එලෙස රැගෙන ගිය ආහාර තොගය Trust ආයතනයේ ගබඩාකර තිබේ. මෙම ආහාර ද්‍රව්‍ය තොගය හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ඉල්ලීමකට අනුව තම ආයතනයේ ගබඩා කල බව Trust ආයතනයේ සභාපති වෙන්මදිරාජා මහතා සදහන් කලා.

කොළඹ ඉන්දීය මහකොමසාරිස්කාර්යාලය 2022 මැයි 20 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව
ලංකාවේ පවුල් වෙනුවෙන් බෙදාදීම සදහා ආහාර තොග පැමිණ ඇත්තේ 2022 මැයි 22වන දිනයි. එම ආහාර
තොග ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් බෙදා දීමට තමිල්නාඩු රජය තීරණය කර ඇති බවට එම මාධ්‍ය නිවේදනයේ සදහන් වෙයි.

මැයි මස එවන ලද වියලි ආහාර ද්‍රව්‍ය තොග ආහාර දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත බදුල්ල දිස්ත්‍රික්කයේ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාම නිළධාරීන්ගෙන් ලබාගත් අඩුආදායම්ලාභී ලැයිස්තුව වෙත බෙදා දීමට කටයුතු කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සදහන් කලා.

එමෙන්ම අදියර දෙකක් යටතේ ආහාර ද්‍රව්‍ය තොග බෙදූ බවත් 2022 සැප්තැම්බර් 27වන දින වන විටදී බෙදාදීම අවසන් කල බවත් දිසාපති තුමිය වැඩි දුරටත් සදහන් කලා.

දිසාපතිතුමිය සදහන් කරන පරිදි ආහාර ද්‍රව්‍ය බෙදා අවසන්ව තිබියදී මෙම ආහාර ද්‍රව්‍ය තොගය මෙලෙස බදුල්ල
දුම්රිය ස්ථානයටත් අනතුරුව Trust ආයතනයටත් ගෙන ගියේ කෙසේද.

මෙසේTrust ආයතනය වෙත ගෙනගිය ආහාර ද්‍රව්‍ය තොගය පසුගිය ඔක්තෝබර් 02 වන දින විදුහල්පතිවරුන්
ඇතුලු ගුරුවරුන් 166 දෙනෙකුට බෙදාදී ඇති අතර ඒ සදහා සෙන්දිල් තොන්ඩමාන් මහතාද සහභාගිවී ඇත.

මෙම ආහාර බෙදාදීම සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට අප සෙන්දිල් තොන්ඩමාන් මහතා සම්බන්ධ කර
ගැනීමට උත්සහ කලත් එය සාර්ථක වූයේ නැහැ.

මෙලෙස ගුරුවරුන් 166 දෙනා තෝරාදී ඇත්තේ අධ්‍යාපන කලාප කාර්යාල 9ක ලැයිස්තුවකින් බවට කථාවක්
ඇතිවී තිබේ. ඒ සම්බන්ධයෙන් බදුල්ල කලාප කාර්යාලයේ ඉහළ නිළධාරීයෙකුගෙන් කරන ලද විමසීමකදී
එවැන්නක් සම්බන්ධයෙන් තම කාර්යාලය කිසිදු දෙයක් නොදන්නා බවට සදහන් කලේය.

මෙම ආහාර බෙදාදීම නීති විරෝධී බවත් මෙවැන්නක් තමන් අනුමත නොකරන බවත් අප කල විමසීමකදී නම
සදහන් කිරීමට අකමැතිවූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද අදහස්පලකලා.

පස්සර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන සිවනේස්වරන් මහතා පලකරන්නේ මෙවැනි අදහසක්.

ඉන්දීය රජයේ ආහාර තොගයක් ලංකාවට එවුවේ අඩු ආදායම්ලාභීන්ට බෙදන්නයි. මෙම ආහාර තොග ආවේ මැයි මාසේඅන්තිම කාලයේදීයි. අපි දන්නා හැටියට ඊට පස්සේනැවත ඉන්දියාවෙන් මේ ලගදි ආහාර ද්‍රව්‍ය ගෙනාව ඉන්දීය රජයේ ආහාර තොගයක් ලංකාවට එවුවේ අඩු ආදායම්ලාභීන්ට බෙදන්නයි. මෙම ආහාර තොග ආවේ මැයි
මාසේඅන්තිම කාලයේදීයි. අපි දන්නා හැටියට ඊට පස්සේනැවත ඉන්දියාවෙන් මේ ලගදි ආහාර ද්‍රව්‍ය ගෙනාව

ජයලත් දිසානායක – බදුල්ල

Written by
Aruna Jayalath

ජයලත් දිසානායක, අංක 33, ඉහළ අලුත් ඇල පාර, බදුල්ල. වෘත්ීය මාධ්‍යවේදිවයක් වලසින් කටයුතු කරයි. 2008 වසවේ සිට පුවත්පත් මාවධ්‍යේදිවයක් වලසින් මාධ්‍ය ක්වෂේත්‍රයට පිවිවසනවා. 2011 වසවේ සිට විද්යයුත් නාලිකා වලට සම්බන්ධ්‍ වනවා. ඒ අනුව වම් වන විට සේවාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, සේවර්ේවාහිනී, වෙරර්, හිරු, සියත යන රූපවාහිනී නාලිකාවල ප්‍රාවද්යශීය මාධ්‍යවේදිවයක් වලසින් කටයුතු කරනවා. එවමන්ම බීබීසී නාලිකාවේ සහ ෙසත ලංකා, ආටේීඅයි ශ්‍රී ලංකා, ඒෂියන් මිරේ යන වවබ් නාලිකාවේෙ ප්‍රාවද්යශීය මාධ්‍යවේදිවයක් වශවයන්ෙ කටයුතු කරනවා. 2015 වසවේදී රයිගම් වටලි සම්මාන උවළවල්දී වසවේ විශිෂේඨතම රූපවාහිනී කාලීන වැඩසටහනට හිමි සම්මානය සේවර්ේවාහිනිය දිනාගත් අතර එය මා විසින් රූපගත කරන ලද්යෙකි. 2016 වසවේ මැයි මාසය සෙහා වෙරර් නාලිකාව විසින් සංවිධ්‍ානය කරන ලෙ වහාෙම ප්‍රාවද්යශීය මාධ්‍යවේදියා වලසින් සම්මානය මාහට හිමි විය. තවෙ වම් වන විට බදුලුපුර නිවුසේ නමින් යූ ටියුබ් ප්‍රවෘත්ති නාලිකාවක් පවත්වාවගන එන අතර එහි වම් වන විටත් ග්‍රාහකයින් 58000 ඉක්මවා ඇත.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Convictions

ලක්ෂ 520 ක් යටකර හැදු උත්සව ශාලාවේ ආදයම වසර 05 ට ලක්ෂ 14 යි

By Prasanna Pradeep Kumara වවුනියාව දකුණ ප්‍රාදේශිය සභාව මගින් 2018 වසරේ පමණ...

Convictions

වසර 16 ක් පානීය ජලය අහිමි දිමුතුගම

By Kosala Gunawardana  පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා...

Convictions

ஆரம்பிக்கப்படாத திருகோணமலை இந்திய எண்ணெய்க் குத ஒப்பந்தம்; எரிபொருள் பற்றாக்குறையில் இலங்கை

By Afra Ansar  பெற்றோலியத்துக்கு எட்டப்படும் தேவைப்பாடு, பெற்றோலியத்தை இறக்குமதி செய்வது மற்றும் பெற்றோலியத்தை களஞ்சியப்படுத்துவது...

Convictions

රුපියල් 291639,356.66ක් වතුරේ යැවූ වවුනියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය

By Prasanna Pradeep Kumara වවුනියාව දිස්ත්‍රීක්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ...