– බුද්ධික වීරසිංහ, හික්කඩුව –
ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළාසන්නයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ කාර්යාලයේ සහකාර අධ්‍යක්වරයා කියා සිටී.
හික්කඩුව ,අකුරළ ප්‍රදේශයේ වෙරළ හා සම්බන්ධ නීති විරෝධි සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ කටයුත්ත සදහා සම්බන්ධවූ නිළධාරීන්ට ප්‍රහාරයක් එල්ල වූයේ දේශපාලන අනුගාමිකයන් මගිනි. ප්‍රහාරයට සෘජුවම වගකිවයුත්තා වූයේ අනවසර ඉදිකිරීමක් සිදුකළ අයෙකි. ඔහුට ප්‍රබල දේශපාලන සබදකම් තිබූ බව හික්කඩුව වෙරළ සංරක්ෂණ නිළධාරීයෙක් කියා සිටී. ප්‍රබල දේශපාලකයෙකුගේ සහෝදරයයෙක් ද අකුරළ ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලය ඉදිකර ඇත්තේ නීති විරෝධි ලෙස බව වෙරළ සංරක්ෂණ නිළධාරීන් පවසයි. මෙම ප්‍රහාරයට විරෝධය පළකරමින් වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් හික්කඩුව නගරයේ දී උද්ඝෝෂණයක් ද පැවැත්විය.කෙසේනමුත් මෙම උද්ඝෝෂණය මේ වන විට හික්කඩුව පොලීසියට ද අමතක වී ඇත.
පසු අවස්ථාවකදී හික්කඩුව වෙරළාසන්න ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ බළධාරීන් පැමිණියේ
හික්කඩුව පොලීසියේ ද සහය මතය.මෙහිදී ද නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබිණ.හික්කඩුව නගර සභාවේ හිටපු සභාපතිවරයා මෙහිදී විශාල විරෝධතාවක් පෑවේ ප්‍රාදේශීවාසීන්ගේද සහය සමගිනි.පොලීසිය සහ සියලු බළධාරීන්ප සුබා ගියහ.
කෙසේනමුත් 1979/අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන පණතේ 2011 සංශෝධන පණත 32 අ සහ ආ
වවගන්තියට අනුව වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි සම්පූර්ණ බලය ඇති නිළධාරීයාවේ.
වෙරළාසන්න අනවසර ඉදිකිරීම් සම්බන්ධව විමසීමේදී අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නීති නිළධාරිනී මෙන්ම
තොරතුරු නිළධාරීනී නීතිඥ පංචාලි දිසානායක මහත්මිය කියා සිටියේ වෙරළාසන්න අනවසර ඉදිකිරීම් ඉවත් කල යුත්තේ අදාළ ප්‍රදේශයේ පොලීසිය බවත් ඒ සදහා ඔවුන්ට ත්‍යාග පිරිනමන බවත්ය.
මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආනන්ද පතිරණ මහතා කියා සිටියේ හික්කඩුව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී දේශපාලන බලපෑම් වැඩිවී ඇති බවත් කෙසේ නමුත් සමහර සිද්ධීන් සම්බන්ධව මේ වනවිට අධිකරණයට වාර්තා කර ඇති බවත්ය.
එමෙන්ම එතුමා කියා සිටියේ වෙරළේසිට ඉදිකිරීම් දුර ප්‍රමාණය ස්ථාන අනුව වෙනස්වන බවත් එලෙස වෙනස්වන ස්ථාන 103 ක් මේ වනවිට පිලිගෙන ඇති බවත් ය.එම ස්ථාන තීරණය කර ඇත්තේ විශේෂඥයන් කණ්ඩායම ක් මගින් බවත් ය.කෙසේනමුත් වෙරළේසිට මීටර් 10 ප්‍රදේශයේ කිසිදු පිටස්තර ඉදිකිරීමකට අවසර් නොමැති අතර ආරක්ෂක හේතූන් මත යම් ඉදිකිරීමකට අවස්ථාව ලැබෙන බවත්ය. කෙසේනමුත් ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළාසන්නයේ ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට කටයුතු කරන අතර ඒ සදහා ජනතාවගේ මෙන්ම මාධ්‍යයේද සහ බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
Leave a comment