Bribery

කුණු නොවන තිස්ස කසල

කැළි කසළ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ජනගහනය වැඩිවීමත් සමග භාවිතයට ගනු ලබන භාණ්ඩ ප්‍රමාණයද වැඩි වී ඇත. අනෙක් අතට තාක්ෂණය දියුණුවත්ම විවිධ මාදිලියේ භාණ්ඩ මිනිසා අතට පත්වනු දැකිය හැකිය. මෙම හේතුව නිසා පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයත් මේ වන විට නිමක් නැත. එමෙන්ම පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. එහෙත් මිනිසාට වැඩිපුරම හානියක් කරන්නේ නොදිරන අපද්‍රව්‍යයයි. එසේ වුවත් දිරායන අපද්‍රව්‍ය වුව මහා පරිමාණයෙන් පරිසරයට එකතු වීම සුළුකොට තැකිය හැකි ගැටළුවක්ද නොවේ. මේ තත්ත්වයට විශේෂයෙන්ම නාගරික පරිසරය තුල සුලභව දැකිය හැකිය.

2012 වසරේදී ලෝක සංවිධානයක් නිකුත් කළ වාර්තාවලින් දැක්වෙන්නේ ඒ වසරේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලීන් තුළින් එකතු වුණු අපද්‍රව්‍යව ටොන් මිලියන 26කට අධික බවය. එම අපද්‍රව්‍යවලින් 5%ක් පමණක් ඉඩම් ගොඩකිරීම වැනි කටයුතු වලට නුසුදුසු වේ. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නිසා ඇතිවන අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් කළ හැකි බව එම වාර්තාවන්හි සඳහන් වේ. මේ තත්ත්වය වඩාත් හොඳින් පෙනී යන්නේ අපේ මුළුතැන්ගෙවලින් එදිනෙදා ඉවත් කරන අපද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලීමේදීය. ඒ අපද්‍රව්‍ය අතර වැඩිපුරම තිබෙන්නේ පහසුවෙන් දිරා පත්වන දේවල් නොවේද? ඒවා භාවිතා කර පොහොර නිෂ්පාදනය කර ඒවා භාවිතයට හුරුවුව හොත් අතන – මෙතන දමා යන කුණු ප්‍රමාණය කෙතරම් අඩු වනු ඇතිද?

සාමාන්‍ය නිවසක එලෙස ඔබට දකින්න ලැබෙන කසල ප්‍රමාණයත් සමග සලකා බලන විට ඔබගේ ප්‍රදේශයේ කෙතරම් මෙවැනි නිවාස ඇත්ද?. සහ එම නිවාසවලින් කොයිතරම් දුරකට කසල ප්‍රමාණයක් දිනකට බැහැරට යොමු කරනවා ඇත්ද?.බොහෝ දුරට නාගරික පරිසරවල මෙම තත්වය වෙනස් වේ. නාගරීකරණය තුළ ඔවුන්ගේ නිවස තුල වැඩි ඉඩක් නොපවති.  ඉතාමත් පුංචි ඉඩ කඩ ප්‍රමාණයක ඔවුන් තම නිවස නිර්මානය කර ජීවිකාව ගත කරමින් සිටී.බොහෝ විට එවැනි නාගරික පරිසරයක් තුළ මෙම කසළ කළමනාකරණය කරණුයේ පළාත් පාලන ආයතන විසිනි. පළාත් පාලන ආයතන වලට වෙන්වූ රථ වාහන උපයෝගී කරගනිමින් නාගරික ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල පවතින්නාවු කසළ එකතු කිරිම සිදුකරයි. එහිදී විශේෂයෙන් ම ආපනශාලා සහ සාමාන්‍ය කඩ සාප්පු වල විශාල වශයෙන් කසළ එකතු වී තිබෙනවා අපිට දකින්න පුළුවනි. මෙලෙස දෛනිකව ඉවත් වන කසළ ප්‍රමාණය වෙනත් නගරවලට සාපේක්ෂව සංචාරක නගර තුළ බහුලව දක්නට ලැබෙයි. තවද විශේෂයෙන් ම මහජන පොළ සහ විශේෂ වෙළඳ කළාප පිහිටි ප්‍රදේශවල මෙම කසළ ඉවතලීම ඉතාමත් ප්‍රබලයි. තිස්සමහාරාමය යනු කතරගම පුරවරයට ආසන්නම  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයයි. විශේෂයෙන්ම තිස්ස වැව සහ තිස්සමහාරාම මහජන පොල ආශ්‍රිතව විශාල ජනතාවක් රැඳී පවතී. සංචාරක හෝටල් සහ දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා වූ ආපනශාලා සහ වෙළඳසැල් ඉතා බහුලව පවතින ඉතාමත් ජනාකීර්ණ නගරයක් ලෙස තිස්සමහාරාම නගරය අපට හඳුන්වා දීමට පුළුවනි. එමෙන්ම තිස්සමහාරාමය, දෙබරවැව, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශයන්හි ජනතාව සියළුම දෙනා පාහේ තම දෛනික කටයුතු සඳහා තිස්සමහාරාම නගරයට පිවිසෙයි. දේශීය සහ විදේශීය සංචාරකයින් බොහෝ විට තමන්ගේ නවාතැන්පොළ සහ විවේක ගැනීම සඳහා තිස්ස වැව ආශ්‍රිතව තිස්සමහාරාම නගරය උපයෝගී කර ගන්නේ කාලයක සිටය.

තිස්සමහාරාම නගරය තුල මෙලෙස එක් රැස් වන කසළ කළමනාකරණය කරන සඳහා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදු වී ඇත.. විශේෂයෙන්ම දෛනිකව කසල ඒකරාශී කරගැනීම සහ කසළ වෙන්කර ප්‍රතිචක්‍රීයකරණය සදහා යොමු කිරීම මෙහිදී සිදුවේ. මෙලෙස කසළ බැහැර කිරීම සඳහා තිස්සමහාරාම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ උද්ධකන්දර කොම්පෝස්ට් මධ්‍යස්ථානයක් ඉදිකර ඇත. නමුත් පවතින ජනාකීර්ණ තත්ත්වය සහ කසළ බැහැර කිරීමේ ක්‍රමවත් බව නොවීම නිසා මෙහි කසල බැහැර කිරීමේ දී යම් යම් අක්‍රමිකතා පැවතුණි.  ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ජනගහනය සහ සංචාරකයින් බහුලවීම ව්‍යාපාරික ස්ථාන අලුතින් නිර්මාණය වීම සහ වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයින්ගේ වැඩිවීම යන සාධක මත මෙම නගරය තුළ එක රාශිවන කසළ ප්‍රමාණය දෛනිකව වැඩිවීමක් දක්නට ලැබිණි. උක්ත කරුණ හේතු මූලය වෙමින්  උද්ධකන්දර කොම්පෝස් මධ්‍යස්ථානය සතුව කසළ අට්ටි ගසන අංගනයක ප්‍රමාණවත් නොවීම දැඩිව පැවතුණි. . පසුගිය වසරේ අග භාගය තුළ මෙම ගැටළුව හඳුනා ගනිමින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව එම කොම්පෝස්ට් අංගනය තුළ මෙම කට්ටි ගසන අංගන සැකසීමේ ව්‍යාපෘතියක් සිදු කරන ලදී.

විශේෂයෙන්ම මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඔවුන්ගේ පහසුතාව සහ වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ පහසු තාවය උදෙසා මෙම ව්‍යාපෘතිය සිදු කර ඇත.ඒ සඳහා වැය වූ මහජන බදු මුදල 1997962.63 කි.

ඇස්තමේන්තු ගත කල මුදල 1998995.87 ක් වන අතර  ව්‍යාපෘතිය මේ මොහොත වන විට  තිස්සමහාරාම ජනතාව සතු කර අවසානයි. මේ වන විට කසළ වෙන් කිරීම සඳහා එම අංගන දායක වෙමින් පවතී. එම ව්‍යාපෘති සාර්ථක වීම තුල බලාපොරොත්තු වූ ප්‍රතිඵලය වනුයේ තිස්සමහාරාම ප්‍රදේශයේ පවතින්නා වු කසළ නිසි ආකාරයෙන් කළමනාකරණ මධ්‍යස්ථාන රැගෙන ඒම. එම රැගෙන එන කසළ නිවැරදිව අට්ටි ගැසීම සහ කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැලසීමයි.

බොහෝ වෙලාවට අපගේ අවධානය යොමු කරනුයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති  සහ දැවැන්ත කාර්‍යන් වලට පමණි.  නමුත් නාගරික ප්‍රදේශයක් තුල ඉතාමත් දැවැන්ත ව පවතින ගැටළුවක් වන්නේ මෙම කසල කසළ කළමනාකරණයයි. එය නිවැරදිව කළමනාකරණය කිරීම තුළින් පොදු මහජනතාවට සුභ සිද්ධියක් සෑදෙයි. ව්‍යාපාරික ප්‍රජාවටත් යහපත් පරිසරයක් නගරය තුළ නිර්මාණය වේ. තවද මෙම කසල එක්රැස් කිරීමට වඩා මෙම කසළ කළමනාකරණය කර කොම්පෝස්ට් නිෂ්පාදනය තුළින් අමතර ආදායමක් ඉපයීම ද හැකියාවක් පවතී. නගරය තුළ තුල පවතින්නාවූ දිරායන අපද්‍රව්‍ය කසළ ඒකරාශී කර ගනිමින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා මෙවැනි ව්‍යාපෘතියක් වෙත දායක කරගැනීම ඉතාමත් කාලෝචිත සහ යෝග්‍ය ක්‍රියාවකි. පවතින උග්‍ර කාබනික පොහොර හිග වීමේ අර්බුදයට විසඳුමක් ලෙස මෙය ඉතා සාර්ථක පෙරමග තැනීමකි. අපේ ජනතාව සතුව කාබනික පොහොර සංචිත ඌනතාව පසුගිය කල ශ්‍රී ලාංකීය ප්‍රජාවට කුසගින්න ටත් වඩා දැනෙන්නට විය.මෙවැනි ව්‍යාපෘති කිරීම තුළින් නගරයක එකතු වන කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කර කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා වෙන් කිරීම සමස්ථ ප්‍රජාවගේ ම සුබසිද්ධිය උදෙසා වන කර්තව්‍යයකි.

සටහන සහ ඡයාරූප :- හම්බන්තොට කෝසල

Written by
Kosala Gunawardana

Koshala Gunavardhana is a Hambantota-based journalist and a social activist who is working at NAVABIMA.com and RTI SriLanka.lk, MOJO.lk, and COTV.lk websites as a news reporter and article writer. Also, he works with TNL as a correspondent in Sooriyawewa. He has 4 years of working experience with mobile journalism. Moreover, Kosala works with Media Coup Watch – a visual news magazine, MOJO.lk and COTV as a visual storyteller. His passion towards being the voice for the voiceless drives him to bring the stories of marginalized communities to the media coverage related to human rights, harassment, and corruption case reporting. Kosala’s interests in RTI, transparency, and accountability led him to join TISL as an investigative journalist fellow and he continues his learning in the field.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Bribery

X-Press Pearl කරපු විනාශය සම්බන්ධයෙන් TISL සහ CEJ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට.

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා...

Bribery

200மில்லியன் ரூபாவுக்கும் அதிகமான நிதி எங்கே?

200மில்லியன் ரூபாவுக்கும்அதிகமான நிதி எங்கே? ‘மஹபொல நம்பிக்கை நிதியம் மௌனம்: பொருளாதார நெருக்கடியால் மஹாபொல ஊக்கத்தொகை...

Bribery

அசமந்தத்தால் வருமானத்தை இழந்தது வவுனியா நகரசபை : நிலுவைத்தொகை கோடிகளை தாண்டியது

பாலநாதன் சதீஸ் வவுனியா நகரசபையினர் சரியான முறையில் சொத்துக்களை மீள் மதிப்பீடு செய்து அதன் பெறுமதி...

Bribery

உள்ளூராட்சி மன்ற தேர்தலும் பெண்களது வகிபாகமும்

கேஷாயினி  இலங்கையின் அரசியல் செயற்பாடுகளில் பெண்களது வகிபாகமானது உலகளாவிய ரீதியில் ஒப்பீட்டளவில் ஓரளவாக காணப்படுகின்ற போதிலும்,...