පසුගිය වසර දෙක තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙරට මහා මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීම සිදු විය. මෙරට සුවිශේෂී සංවර්ධන කඩ ඉමක් ලෙස එය හදුන්වාදිය හැකිය. ‘සෞභාග්‍යයේ දැක්ම’ලෙස ජාතික වැඩපිළිවෙළ ක් බවට එය පත් විය. දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස ආවරණය කරමින් ඉදිවන ග්‍රාමීය අභ්‍යන්තර හා අතුරුමාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ඒ හරහා ක්‍රියාත්මක විය.
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට්කර ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ පළාත් සභා මාර්ග කිලෝමීටර් 18000ක් හා ග්‍රාමීය හා අතුරුමාර්ග 80000ක් 2024ට පෙර අවසන්කර ඉදිකර ජනතාවට බාරදෙන බව ග්‍රාමීය රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පොරොන්දු විය.
ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය, මඟ නැඟුම ව්‍යාපෘතිය හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු මඟින් රටපුරා තවත් මාර්ග ගණනාවක් සංවර්ධනය වෙමින් පවතින බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා ද මාධ්‍ය වෙත මීට පෙර පවසා සිටියේය .
හම්භන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇල්ලගල ග්‍රාම නිලධාරී වසමේ දෙවැනි පෙළ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ද මෙම ව්‍යාපෘතියකට අදාළව සිදු විය. සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව දෙපස එළිපෙහෙළි කර කාණු පද්ධතිය ඉදිකර නිවසේ සිට කාණු පද්ධතිය හරහා මාර්ගයට පැමිණිමේදී මෙම ගැටළුව මතු විය.
සාමාන්‍යෙයන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලදී නිවෙස් වෙත ගමන් කිරීම සඳහා ජනතාවට කාණු පද්ධතියක් හරහා පැමිණීමට ක්‍රමයක් නොමැති නිසා බොහෝ ස්ථානවල අපට දැකගැනීමට හැකි වෙන්නේ කවර් ස්ලැබි ආධාරයෙන් එම නිවෙසට පිවිසීමට ආධාරකයක් මාර්ගයේ සිට කානුව හරහා යොදා ගැනීම සිදු කරනු ලබයි.
ඇල්ලගල ග්‍රාම නිලධාරි වසමේ ඇල්ලගල මාර්ගයේ දෙවන පෙළ මාවත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ අවසර ලත් කොන්ත්‍රාත් සමාගමේ නිළධාරීන් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන ලදි. මාර්ගය දෙපස කාණු පද්ධතිය නිර්මාණය කරන අවස්ථාවේදී එම ගමේ ප්‍රජාව ඔවුන්ගෙන් විමසීමක් සිදු කරන ලද්දේ මෙවැනි කාණු පද්ධතියක් ඉදිකිරීම තුල ඔවුන්ට ඔවුන්ගේ නිවසට යාමට අපහසු තාවයක් ඇති වන බවත් එයට ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බවත්ය. එහිදී මර්ග සංවර්ධන අධිකාරය නිලධාරීන් වෙනුවෙන් පැමිණි කොන්ත්‍රාත් සමාගම් නිළදාරී පෙන්වා දී ඇත්තේ සුපුරුදු පරිදි ඔවුන්ගේ මාර්ගයටත් වෙනත් මාර්ග වල සිදුකරනවා පරිදිම ඔවුන්ගේ නිවෙස් වෙත යාමට කවර් ස්ලැබි ආධාරයෙන් ඔවුන් වෙත එය සූදානම් කර දෙන බවයි.
එකී පොරොන්දුවට ඉඩ තබමින් ප්‍රදේශවාසීන් මෙම මාර්ගයේ සියලු දෙනාගේ සුබසිද්ධිය උදෙසා නිර්මාණය කිරීමට අවස්ථාව මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දෙන ලදී. නමුත් ඉන් අනතුරුව සිදු වුයේ වූයේ නොසිතූ සිදුවීමකි මාර්ගයේ ඉදිරිපස ඇති නිවෙස් කිහිපයක පුද්ගලික හිතවත්කම් මත පදනම් වී යැයි සැක සහිතව එම නිවෙස් වලට යාමට පමණක් කවර් ස්ලැබි යොදා මාර්ගය සකසා දී තිබීමයි. තවද මෙම මාර්ගයේ නිවෙස් වලට පිවිසීමට කවර් ස්ලැබි විවිධ වූ ප්‍රමාණය නිර්මාණය කර දී ඇති බවට ගම්වාසීන්ගෙන් චෝදනාවක් එල්ල විය. එහිදී ඔවුන්ගේ චෝදනාව වූයේ හිතවත්කම් නිර්මාණය කර ගනිමින් ඔවුන් මෙම මාර්ගය සඳහා කොන්ත්‍රාත් පදනමින් පැමිණි නිලධාරීන් හරහා ඔවුන්ගේ නිවසට සුදුසු විවිධ විවිධ වූ ප්‍රමාණයන්ගෙන් එම කවර් ස්ලැබි ඔවුන්ගේ නිවෙස් වෙත යොදා ගෙන ඇති බවයි.
නමුත් මෙම ගම්වාසීන් සඳහා කාණු ඉදිකිරීමේදී මෙම කොන්ත්‍රාත් පදනමෙන් මාර්ගය සංවර්ධනයට පැමිණි නිලධාරීන් පවසා ඇත්තේ අඩි 10 ඔවුන්ට පළල එන ආකාරයට මෙම කවර් ස්ලැබි ඔවුන්ගේ නිවසට පිවිසීමේ මාර්ගය ලෙස සකසා දෙන බවයි.
නමුත් මෙහි ගැටලුව වී තිබුණේ පවුල් තිබුණේ පවුල් කිහිපයකට පමණක් එය එසේ නොවී සමහරක් පවුල්වලට එය අඩි 12ක් දක්වා විශාල වී තිබීමයි.
මේ පිළිබඳව අසාධාරණයට පත් ගම්වාසීන් විසින් ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ පනත හරහා එම මාර්ගයට අදාළ තොරතුරු ඉල්ලා සිටීමට කටයුතු කරන ලදී. ඒ සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා ප්‍රාදේශීය සිවිල් සංවිධානයක් වන කාන්තා ව්‍යවසායකත්ව සංවිධානය ගම්වාසීන් වෙනුවෙන් උදව් උපකාර සිදුකර තිබිණි.
මෙම ව්‍යාපෘතිය සිදු කර තිබුනේ මාර්ග සංවර්ධන අධිකාරියේ මගනැගුම ව්‍යාපෘතියට අනුබද්ධිතවයි. එහිදී මග නැඟුම ප්‍රධාන කාර්යාලයේ තොරතුරු දැනගැනීමේ නිළදාරී පිළිතුරු ලිපියත් සමගින් සඳහන් කර තිබෙනුයේ මීටර් 3.5 ක් දිගට මෙම කවර් ස්ලැබ් එම මාර්ගයෙ නිවෙස් 07 ක් වෙත ලබා දීමට ඇස්තමේන්තු ගත කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම තොරතුරු දැනගැනීමේ පනත යටතේ යොමු කරන ලද තොරතුරු දැන ගැනීමේ අයදුම්පත්‍රය ට මග නැගුම ව්‍යාපෘති කාර්යාලයෙන් පිළිතුරු ලැබීමට ගත වූ කාල වකවානුව තුළදී මෙම ඇල්ලගල දෙවන පෙළ මාර්ගය සංවර්ධනය කිරීමට භාර ගත් කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් නැවතත් එම මාවත වෙත පැමිණ එම ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කර ගනිමින් මින් පෙර අදාළ ප්‍රමිතියෙන් තොර ව යෙදූ නිවාස සඳහා පිවිසීමේ මාර්ග වෙනුවට නැවතත් එම නිවස ට අවශ්‍ය පරිදි අදාළ කොන්ක්‍රීට් ස්ලැබ් යොදා එම මාර්ග පිළිසකර කර තිබිණි.
කෙසේ වෙතත් අදාළ අධිකාරියෙන් නිවැරදි තොරතුරු ප්‍රජාව ලබා ගැනීමත් සමගම එම අධිකාරිය විසින් එම ව්‍යාපෘතිය ලබාදුන් කොන්ත්‍රාත් සමාගම් විසින් සිදුකර තිබූ අක්‍රමිකතාවය ද නිවැරැදි විය. ගම්මානයේ ජනතාව සඳහා ඔවුන්ගේ නිවසේ සිට මාර්ගයට ප්‍රවේශ වීමට අදාල පහසුකම නැවතත් නිවැරදිව ඔවුන් වෙත ලැබිණි.
Leave a comment