හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ශුෂ්ක කළාපයේ දැඩි සේ ජල අර්බුදයක් පවතින ප්‍රදේශයක් ලෙස මහගල්වැව ප්‍රදේශය හඳුන්වාදීමට පුළුවනි. කෘෂිකාර්මික ජීවිතයක් ගත කරන්නා වූ මහගල්වැව ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය ඉටු කරනුයේ බොහෝ දුරට දැවැන්ත වාරි ව්‍යාපෘති මගිනි.
නමුත් ඕනෑම මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමක් ලෙස පිරිසිදු පානීය ජලය ලැබීම අපට හඳුන්වා දීමට පුළුවනි. වාරි ව්‍යාපෘති තුලින් ලැබෙන්නා වූ ජලය පිරිපහදු කරමින් ජනතාවට ලබාදීමට රජය කටයුතු කරනු ලබයි.
මහගල්වැව ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් 2006 වසරේ දී මහගල්වැව කුඩා නගර ජල සම්පාදන ක්‍රමය ආරම්භ වේ. ඒ සූරියවැව ප්‍රධාන නගරයෙන් ලැබෙන්නා වූ ජල පහසුකම මහගල්වැව ප්‍රදේශීය ජනතාවට නොලැබෙන නිසාත්, මහගල්වැව වැව ඇසුරු කර ගනිමින් එහි ජල සම්පාදන ක්‍රමය කිරීම තුළ වඩාත් ඵලදායීව ප්‍රදේශීය ජනතාවට ජල පහසුකම ලබාදීමට ඇති හැකියාව නිසාවෙනි.
ශ්‍රී ලංකා ජන රජයේ හා ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, නාගරික සංවර්ධන හා ජල සම්පාදන ජලසම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආසියානු සංවර්ධන බැංකු සහභාගී කරමින්, ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති අනුග්‍රහයෙන්, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන්, මහගල්වැව මීගහජඳුර හා ඉහළ කුඹුක්වැව ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දායකත්වයෙන් ඉදි කළ මහගල්වැව කුඩා නගර ජල සම්පාදන ක්‍රමය සුහද ප්‍රජාමූල සංවිධානය ආරාධනයෙන් කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් නව දුම්රිය මාර්ග සංවර්ධන අමාත්‍ය හා නාගරික සංවර්ධන හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2006 මාර් තු 26 වන දින ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් උත්සව උත්සවාකාරයෙන් මෙය විවෘත කරන ලදී.
අනතුරුව 2017 වසරේ දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සැමට සහන වැඩසටහනට සමගාමීව සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහගල්වැව, කපුකිනිස්සයාය සහ මීගහජඳුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වල පවතින උග්‍ර පානීය ජල ගැටළුවට විසඳුමක් වශයෙන්, සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් මෙය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යෙදවීය. ඒ සදහා වෙන් කල මුදල ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ 121 ක් ලෙස සඳහන් වේ. සූරියවැව මහගල්වැව සුහද ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම , ධීවරහා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ඇමතිවරුන් ගේ සහභාගිත්වයෙන් 2017 වසරේ නොවැම්බර් මස 24 වන දින ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව වර්ෂ 2019 සැප්තැම්බර් මස 8 වන දින ජනතා අයිතියට පත් කරන ලද්දේ අහසින් වැටෙන එක දිය බිඳක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන්න යන උතුම් කියමන යථාර්ථවත් කරමිනි. සොබාදහමේ අපූර්ව ම දායාදයක් වූ ජල සම්පත මනා ලෙස කළමනාකරණය කරමින් ජන දිවිය ස්වයංපෝෂිත කරලීම අරමුණු කරගනිමින් සූරියවැව ප්‍රදේශයේ මහගල්වැව, කුඹුක්වැව, මීගහජඳුර, සූරියආර, යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වල පවතින උග්‍ර පානීය ජල ගැටළුවට විසඳුමක් වශයෙනි.
නමුත් අපි ප්‍රදේශවාසීන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ පසුගිය කාලය තුළ දී මෙම ජල ව්‍යාපෘතිය හරහා ඔවුන්ට නිසි පරිදි ජලය නොලැබුණ බවයි. එම නිසා ඔවුන් දැඩි පීඩාවට පත්වූ බවද පවසා සිටියා.එම හේතුවෙන් ඔවුන්ට පිරිසුදු පානීය ජලය වෙනුවෙන් කිලෝමීටර් ගණන් දුර ගෙවා ගෙන යාමට ද සිදුවී තිබුණු බව ගම්වාසීන් අප සමග සඳහන් කරන ලදී. මෙහි සියළුම කටයුතු ප්‍රාදේශීය සභාව හරහා ජල සමිතියට භාර දී තිබුණත් ජල බෙදීම් කටයුතු සිදු කරනුයේ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම මත වේ. මේ පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය යොමු වීම උදෙසාත් අපි මේ පිළිබඳව ජල සමිතියෙ වර්තමාන සභාපතිතුමන් ගෙන් විමසීමක් සිදු කළෙමු.
එහිදී වත්මන් සභාපති තුමා අප සමග අදහස් දක්වමින් සඳහන් කළේ ඔහු මෙම සමිතිය සඳහා අලුතින් පත්වූ බවත්, ගමේ ජනතාවගේ මෙම සමිතිය සඳහා ඔහුව වැඩි ඡන්දයෙන් පත් කළ බවයි. විශේෂයෙන්ම මින් පෙර මෙම සමිතියෙ ජල බිල්පත් ලබා දීමේදී සහ මිනිසුන්ගේ ජල බිල්පත් සඳහා ජල බිල්පත් සඳහා මුදල් ලබා ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුවී ඇති බවයි. එමෙන්ම වැඩි කාලයක් අතහැර දමා තිබූ මෙම ජල ව්‍යාපෘතිය නිසා විශාල ජල ටැංකි ප්‍රමාණයක් මේ වන සාමාන්‍ය භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බවයි. එමෙන් ම් එම ටැංකි වලින් නිසි ආකාරයෙන් මෙම ජලය පෙරීමේ කටයුතුද සිදු නොවන බවයි.
විවිධ වූ පුද්ගලයින්ගේ උවමනා එපාකම් මත මෙම ජල සම්පත අපතේ ගිය බව ඔහු සඳහන් කළේය. ඔහුගේ පැමිණීමත් සමග මේ වන විට නැවතත් ජල ටැංකි යථා තත්ත්වයට පත් කරමින් පවතින බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරන ලදි. එක් වතාවක් පෙරීමට ලක් කිරීමට වූ ජලය ද දෙවතාවක් ද පෙරීමට ලක් කරමින් මේ වන විට ජනතාව සඳහා ජලය ලබා දීම ක්‍රමක් ක්‍රමයෙන් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වසර ගණනක් තිස්සේ නිසි පරිදි පානීය ජලය නොමැතිව පැවැති මහගල්වැව ප්‍රදේශයේ ජනතාවට මහගල්වැව කුඩා නගර ජල සම්පාදන ක්‍රමය ඔස්සේ මින් ඉදිරියටවත් නිසි පරිදි පිරිසුදු ජලය ලැබේ යැයි මහජනතාව අපේක්ෂා කරයි. විශේෂයෙන්ම මහජනතාවගේ බදු මුදල් වියදම් කරමින් සිදු කරන්නා වූ මෙවැනි ව්‍යාපෘති දිගින් දිගටම නිසි පරිදි එම මහජනතාවගේ බදු මුදලට සාධාරණයක් සහ වගකීමක් ලැබෙන පරිදි රාජකාරියක් ඉටුවෙනවාද යන්නා වූ වග සොයා බැලීම නිලධාරීන්ගේ වගකීමක් නොවේද? .වසර ගණනාවක් මෙම ප්‍රදේශයේ ජනතාව තමන්ගේ බදු මුදලින් ඉදිකරන ලද ජල ව්‍යාපෘතියෙන් මුදල් ගෙවම්න් ද පානීය ජලය ලබා ගැනීමට උත්සාහ කරද එය අසාර්ථක විය. මහජන බදු මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් යෙදවීම පිළිබඳව මීට වඩා අදාළ බලධාරීන් සැලකිලිමත්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය නොවේද?
Leave a comment