මියන්මාරයේ පසුගියදා පැවැති “Mrs Grand International 2022” ( මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022) තරඟය මෙවර පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කල අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල රසාංගි චාමිකා මහත්මිය විසින් එහි ජාතික සංවිධායකවරයා වෙත තමන්ගෙන් මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලීම සහ ගිවිසුම් කඩකරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට ලක් කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.
මෙම තරගයට ඉදිරිපත් වීම සම්බන්ධව තමන් , ජාතික සංවිධායකවරයා වන මලිත් රණසිංහට අයත් MR Entertainment ආයතනය සමග ගිවිසුමකට එළැඹි බවත් එහි සඳහන් වී තිබුණේ තරගකාරිණිය වන තමාගේ ගාස්තු සියල්ල ගෙවීමේ වගකීම එම සමාගම විසින් දරණ බවයි.
ඒ අනුව මියන්මාරයට යාමට ගුවන් ටිකට් පත් ලබාදීමත්, එම රටේ නවාතැන් ගැනීමට හෝටල් පහසුකම් ලබාදීමත්, ගමනාගමන පහසුකම් ලබාදීමත් ඇතුළු සියල්ලම ලබාදීමට මලිත් රණසිංහ අධ්යක්ෂ ධූරය හොබවන ආයතනය එකඟත්වය පල කර තිබිණි.
තත්වය එසේ තිබියදී “Mrs Grand International ” හි ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකා අධ්‍යක්ෂක මලිත් රණසිංහ තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවත් මෙරට තහනම් මත්ද්‍රව්‍යයක් වන ගංජා නොහොත් ඔහු පැවසූ ආකාරයට ජොයින්ට් එකක් ගසා රැයක් පහන් කිරීමට පැමිණෙන ලෙසට දුරකතනයෙන් තමන්ට දැන්වූ බවත් තරගකාරිණිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් තරගකාරිනිය වන රසාංගි චාමිකා මහත්මිය ගෙන් කරන ලද විමසීමේදී ඇය පවසා සිටියේ තරගයට සහභාගී වීමට පෙර මලිත් රණසිංහ නම් පුද්ගලයා තමන්ට හෝටලයක රාත්‍රි සාදයක් සංවිධාන කරන නිසා එයට තනිවම සහභාගී විය යුතු බවට පැවසු නමුත් තමන්ට තනිවම පැමිණීමට නොහැකි බවත් යෙහෙළියක් සමග පැමිණීමට හැකි බවත් ඔහුට දන්වා සිටි විට ඔහු යෙහෙළියක් සමග පැමිණීමට අවසර නැති බවත් තමන් සමග රාත්‍රි කාලයේ කාලය ගත කිරීමට තනිවම පැමිණෙන ලෙසට පැවසු බවය. එය තමන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ තරගයේ වැඩ කටයුතු සියල්ලම තම යහළුවා සමගම බලා ගන්න කියා තවදුරටත් කිසිදු සහයක් ඊට නොදක්වන බවට ඔහු කීවේ යැයි ඇය වැඩිදුරටත් කීවාය.
මේ සම්බන්ධයෙන් මලිත් රණසිංහ නම් පුද්ගලයා සහා තමා අතර වු දුරකථන සංවාදය ඇතුළත් හඩ පටයක් ඇය සතුව ඇතැයි රසාංගි චාමිකා මහත්මිය පැවසුවාය.
මෙම ප්‍රතික්ෂේප කිරීම් හමුවේ මලිත් රණසිංහ යන අය විසින් තරගය වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ අදාළ මුදල් අවශ්‍ය ස්ථානයන්ට නොගෙවීම හේතුවෙන් මෙම තරගයට සහභාගී වීමට ඇය මියන්මාරයට ගොස් ඇත්තේද ඇයගේ වියදමින් වන අතර හෝටල් ගාස්තුවේ සිට සියලුම වියදම් ඇයට දැරීමට සිදුව ඇත.
මියන්මාරයේදී ඇයට එහි තරග සංවිධායකයන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවිධායකවරයා මෙම තරගය වෙනුවෙන් කිසිදු මුදලක් තැන්පත් කර නොමැති බැවින් ඇයට අවසන් මහා තරගයට සහභාගී වීමට අවස්ථාව ලබාදිය නොහැකි බවය.
නමුත් ඇය ඇමරිකාවේ දැනට වෙසෙන තම සැමියාගේ මාර්ගයෙන් කෙසේ හෝඊට අවශ්‍ය මුදල් ගෙන්වාගෙන සංවිධායකවරුන්ට ලබාදුන්නද අවසන් මහා තරගයේදී මෙරට නියෝජනය කරමින් කිසිදු තරග අවස්ථාවකට සහභාගී වීමට තමන්ට අවස්ථාව නොලැබුණු බවත් ලෝකයේ රටවල් විසි පහක් ඉදිරියේ ශ්‍රී ලාංකේය අභිමානය හෑල්ළුවට ලක්වීම පමණක් සිදු වූ බවත් ඇය පවසා සිටියාය.
මෙකී ජාතික සංවිධායකවරයා විසින් මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලීම සහ මියන්මාරයේදී මුහුණ දුන් කටුක අත්දැකීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට ලක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් සියළුම සාක්ශි සහිතව මිරිහාන පොලිස් විශේෂ ඒකකයට ඉදිරිපත් කර ඇත.මෙලෙස චෝදනා ලද ජාතික සංවිධායකවරයා වන මලිත් රණසිංහ යන පුද්ගලයාට එරෙහිව තරගකාරිනිය විසින් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මියන්මාරයේ පැවති තරගාවලියට ඉදිරිපත් වූ තරගකාරිනියට සිදු වුයේ යැයි පැවසෙන මුදල්, ලිංගික අල්ලස් ඉල්ලීම සහා අදාළ ආයතනය ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ කිසිදු බලධාරියෙකුගේ දෑස් විවර වී නොමැත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිදු කෙරෙන මෙවැනි ජ්‍යාත්‍යන්තර මට්ටමේ තරගාවලීන් සම්බන්ධයෙන් රජය මැදිහත් වී වගකීම් සහිතව කටයුතු කල යුතුව තිබිණි.නැතහොත් තව තවත් ජ්‍යාතන්තරය හමුවේ ශ්‍රී ලාංකීය අභිමානය හෑල්ලූවට ලක් වීම වැළැක්විය නොහැකි ය.
සටහන: දිලංගා ගෝමස
Leave a comment