Bribery

ව්‍යාපෘතිය නමින් සිදු කල දූශන වංචා වලට වහා පියවර ගත යුතුයි.

බුද්ධික වීරසිංහ.හික්කඩුව

2019 වසරේ දී ආරම්භ වී ලොවපුරා පැතිර ගිය දරුණුතම වසංගතය වන කොවිඩ් 19 වසංගතය ශ්‍රීලංකාවටද බලපෑම් ඇති කලේ ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයක් ලෙසය. දහස් ගනන් වටිනා ජීවිත කොවිඩ් 19 ආසාදනය වීමෙන් අහිමි වූ අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම වසංගත රෝගයට ගොදුරු විය.මේ වන විටද මෙම වසංගත තත්වය පහවී ගොස් නොමැත.

ලොව පුරා සෑම රටකටම, රාජ්‍යයකටම බලපෑ මෙම වසංගතය මගින් ශ්‍රීලංකාවේ ද ජන ජිවිත අඩාල කරමින් අවුලෙන් අවුලට පත් කරමින් පැතිර ගියේ රටේ සෑම අංශයක්ම අඩපණ කරමින්ය.මේ වනවිට ශ්‍රීලංකාව බරපතළ ලෙස ආර්ථික,සමාජ,දේශපාලන වශයෙන් අර්බුද ගණනාවකට මුහුන දෙමින් සිටී.මෙම තත්වය මත ශ්‍රීලංකාවට විවිධ ණය යෝජනා ක්‍රම,ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදුවිය. එසේ ක්‍රියාත්මක වූ එක් ව්‍යාපෘතියක් වන්නේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියයි.

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ 2020 අප්‍රේල් 04 දින සිට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වූයේ ලෝක බැංකු වාර්තාවේ 2020 අප්‍රේල් 02 වැනි දිනැති අංක පීඒඩී 3852 දරණ වාර්තාවේ අංක 52 ව්‍යාපෘතිය යටතේය.

ව්‍යාපෘතියේ ණය ගිවිසුම් වලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය කරවීමේ නියෝජිතායතනය වන අතර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ තර්ජනය වැලැක්වීම, හදුනාගැනීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සහ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සූදානම සඳහා ජාතික පද්ධති ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණු විය. ණය ගිවිසුම අනුව මෙම ව්‍යාපෘතියේ මුලු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 25,655.7 කට සමාන එක්සත් ජනපද ඩොලර් මිලියන 128.6 ක් වූ අතර ඉන් රුපියල් මිලියන 18,673.2 කට සමාන එක්සත් ජනපද ඩොලර් මිලියන 93.6 ක් ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් මූල්‍යයනය කිරීම සඳහා එකගවී තිබූ අතර රුපියල් මිලියන 6,982.5 කට සමාන එක්සත් ජනපද ඩොලර් මිලියන 35 ක ඉතිරි මුදල ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව මගින් මූල්‍යයනය කිරීමට එකඟ වී තිබුණි.

මෙම ව්‍යාපෘතියේ කටයුතු 2020 අප්‍රේල් 04 ආරම්භ විය. භාණ්ඩ ලැබුණු බව තහවුරු කර ගනිමින් පිරිවැය ගිණුම් ගත කල යුතු වුවද, UNICEF ආයතනය විසින් සැපයීමට එකඟ වූ වෛද්‍ය සැපයුම් වලට අදාළ සත්‍ය පිරිවැය නිශ්චය නොකර ඇස්තමේන්තුගත පිරිවැය සත්‍ය පිරිවැය සේ සලකා ගිණුම් ගත කර තිබූ අතර මෙම වෛද්‍ය සැපයුම් ලැබීම් සහ නිකුත්කිරීම තහවුරු කිරීම සඳහා වන සාක්ෂි විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.මෙහි වටිනාකම රුපියල් මිලියන 5,550.40 කි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,224 කට සමාන එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක අත්තිකාරමක් ලැබී තිබුණ නමුත් එය විශේෂ (ඩොලර්) ගිණුමේ රුපියල් මිලියන 4.09 ක් ලෙස දක්වා තිබුණි.තවද අදාළ ගිණුමේ වාර්තාවන්ට අනුව, 2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා රුපියල් මිලියන 270.78 සමාන එක්සත් ජනපද ඩොලර් මිලියන 1.46 ක් ප්‍රතිපූරණය කර තිබුණද,මූල්‍ය ප්‍රකාශනවලට අනුව ප්‍රතිපූරණය කල මුදල රුපියල් මිලියන 270.85ලෙස දක්වා තිබූ අතර මෙම වෙනසට හේතු හෙලිවී නොමැත.

මෙහිදි අවස්තා 33 කදී ගෙවීම් සඳහා අදාළ ලබන්නාගෙන් මුදල් භාරගත් බවට කුවිතාන්සි ලබාගෙන නොතිබුණු අතර අදාළ කාලපරිච්ඡේදය තුල අවස්ථා 56 කදී රෝහල් 07 කට ප්‍රේෂණය කරන ලද රදවා ගැනීමේ මුදල් හා රජයේ ආදායම් භාරගත් බවට කුවිතාන්සි ලබාගෙන නොතිබුණි.
විධිමත් බදු ඉන්වොයිසිය මත එකතුකල අගය මත බදු ගෙවිය යුතු අතර පනතට අනුව අදාළ තොරතුරු සැපයිය යුතු යැයි 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 20 (1) වගන්තිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2019 ජූලි 09 වන දිනැති අංක CGRI/2019/03-01(in & cir)දරන ලිපිය නොසලකා විධිමත් බදු ඉන්වොයිසියක් නොමැතිව අවස්ථා 27 කදී රුපියල් මිලියන 3,390 එකතුකල අගය මත බදු ගෙවා තිබුණි.

වැලිකන්ද කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ මිළදී ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 12.79 ක් ගෙවා තිබුණද මෙම සියලු ද්‍රව්‍ය ඉදිකිරීම් සඳහා යොදා ගන්නා ලද බවට සහ අපේක්ෂිත ප්‍රමිතියට අනුව ඉදිකිරීම් අවසන් කර තිබුණු බවට ඉංජිනේරු සහතිකයක් ලබා තහවුරු කල යුතු වුවද එසේ තහවුරු කිරීමක් කර නොමැත.

මෙම ව්‍යාපෘතිය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති නිවාස යෝජනා ක්‍රමයක් සඳහා විදුලිය ලබා ගැනීම පිණිස රුපියල් මිලියන 5.45 ක් ද ජලය ලබාගැනීම රුපියල් මිලියන 4.5 ක් ද ගෙවා තිබුණ ද නියමිත කාලය තුල වැඩ නිම කල බවට තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව පරීක්ෂණ වලදී තහවුරු විය.

ශ්‍රී ලංකාව මේ වනවිට බරපතළ අර්බූදයකට මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක,සෞඛ්‍ය සහ සෑම අංශයක්ම කඩාවැටී ඇති අවස්ථාවක මෙවැනි මතභේදාත්මක ගණුදෙනු සම්බන්ධයෙන් විධිමත් ලෙස පරීක්ෂණයක් පවත්වා සියලු තොරතුරු ජනතාවට හෙලිකල යුතුවන අතරම දූෂණ,වංචාවන්ට සම්බන්ධ සියලු පුද්ගයන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමද නොපමාවම සිදු කල යුතුව ඇත.

Written by
Buddhika Weerasinghe

Name - Buddhika Weerasinghe Address - 252, Galle Road, Dodanduwa School Attended - G/ Richmond College. Galle. Educational Qualifications. - LL. B. undergraduate Other Qualifications - Sworn Translator. (English - Sinhala) Justice of the peace (for the whole island) Media experience - Rivira news paper. (from 2011- 2015. Lake House. ( from 2016 Web - Asian Mirror

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Bribery

X-Press Pearl කරපු විනාශය සම්බන්ධයෙන් TISL සහ CEJ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට.

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා...

Bribery

200மில்லியன் ரூபாவுக்கும் அதிகமான நிதி எங்கே?

200மில்லியன் ரூபாவுக்கும்அதிகமான நிதி எங்கே? ‘மஹபொல நம்பிக்கை நிதியம் மௌனம்: பொருளாதார நெருக்கடியால் மஹாபொல ஊக்கத்தொகை...

Bribery

அசமந்தத்தால் வருமானத்தை இழந்தது வவுனியா நகரசபை : நிலுவைத்தொகை கோடிகளை தாண்டியது

பாலநாதன் சதீஸ் வவுனியா நகரசபையினர் சரியான முறையில் சொத்துக்களை மீள் மதிப்பீடு செய்து அதன் பெறுமதி...

Bribery

உள்ளூராட்சி மன்ற தேர்தலும் பெண்களது வகிபாகமும்

கேஷாயினி  இலங்கையின் அரசியல் செயற்பாடுகளில் பெண்களது வகிபாகமானது உலகளாவிய ரீதியில் ஒப்பீட்டளவில் ஓரளவாக காணப்படுகின்ற போதிலும்,...