බොහෝ වේලාවට බෞද්ධ දර්ශණය හා බැඳුණු වටපිටාවකට සමීපව එවකට අධ්‍යාපන ගෙන ගිය බව, අපි කවුරුත් දන්නා කරුණකි.
පිරිවෙන් අධ්‍යාපනය පසුව දහම් පාසල් අධ්‍යාපන සඳහා පන්සල සමග බෞද්ධ සමාජයේ දරුවන් යොමු විය.
නමුත් යම් යම් ග්‍රාමීය මට්ටමේ දහම් පාසල් සඳහා දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මූලික සම්පත් වත් නොමැති බව,
බොහෝ තැන් වල අපි ට දක්නට ලැබෙන කරුණකි.
නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව, දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන “සිසු දහම් සෙවන” වැඩසටහන ක්‍රියාත්මක විය.
සූරියවැව සිසු දම් සවිය?.
ඒ යටතේ දහම් අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් පරිදි ගොඩනැගිලි පහසුකම් නොමැති බෞද්ධ දහම් පාසල් නගාසිටුවීම උදෙසා,
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ එම ගොඩනැගිලි පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් ලෙස එය සිදු විය.
2019 වසර තුළ අවස්ථා 63කදී රුපියල් මිලියන 27ක්. ‘සිසු දහම් සෙවණ’ සඳහා වැය කර තිබේ.
(මධ්‍යම සංස්කෘතික අරමුදලේ දත්ත ඇසුරෙන්)
‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදු විය.
ඒ 2019 ජූලි මාසයේ 14 වන දිනයි. ඒ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙනි.
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බටුවිට මහින්දවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදී මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.
සියලු පහසුකම් සහිතව මෙම දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 40 කි.
(මධ්‍යම සංස්කෘතික අරමුදලේ දත්ත ඇසුරෙන්)
නමුත් ඉදිකිරීම් ආරම්භ කර දැනට වසර තුනක් ඉකුත්ව තිබියදීත් තවමත් එය නිම කර නොමැත.
අඩිතාලම යොදා යම් මට්ටමකට බිත්ති බැඳ ඇති අතර කණු යොදා වහලය සව් කිරීමට සූදානම් කර තිබුණ ද එයද නිසි පරිදි නිම කර නැත.
මුල් ගල පොළවට පැල වෙද්දි දහම් පාසල් දරුවන්ගේ නිසි පහසුකම් සහිත ගොඩනැගිල්ලක හිඳ අධ්‍යාපණය ලැබීමේ සිහිනය සිහිනක් ම විය.
ඒ රාජ්‍ය ප්‍රතිපාදන මත සියලුම මූල්‍ය සම්පත් ලබාදී තිබියදීය.
මේ පිළිබඳව අප කල සොයාබැලීමක දී සඳහන් වූයේ මෙම දරුවන් ගෙන් ප්‍රාථමික අංශ දරුවන් අධ්‍යාපන ලබනුයේ ගස් යට බවයී.
තවද බිම සිටීම ට සිදු වීම නිසා ද ඔවුන් ප්‍රාථමික අශයේ දරුවන් නිසා මහත් අපහසුතාවට පත් වන බව දෙමාපියන් ගේ අදහස විය.
පොත් පත් වැඩ කිරීමේදී ද විවිධ වූ අපද්‍රව්‍ය ඒ වෙත් වැටී එම දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොහෝ අභියෝගයක් ලෙස,
මෙම ගැටලු ව පත්වී තිබෙන බව අපගේ නිරීක්ෂණය විය.
මේ සම්බන්ධ ව අදාල නිළදාරීන් ගේ අවධානය යොමු නොවීම අවාසනාවට කාරණාවකි.
ඇයි එහෙම වුනේ?.
එම ව්‍යාපෘතියට අනුව ආගමික පාසල් ගොඩනැඟිලි 332ක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබීණි.
වැඩසටහනේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 1,140 කි.
රුපියල් මිලියන 100 ඉක්මවන ප්‍රසම්පාදන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CAPC) අනුමැතිය අවශ්‍ය වුවද මෙම වැඩසටහන සඳහා අනුමැතිය ලබාගෙන නොමැති බව හෙළිව තිබේ.
එමෙන්ම අදියර තුන යටතේ ආගමික පාසල් ගොඩනැඟිලි 298ක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්,
ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වැය කර ඇති බවත් වාර්තාවෙන් අනාවරණය වී ඇත.
2019 ඔක්තෝබර් 30 වන විට ඉදිකිරීම් ආයතන වෙත රුපියල් මිලියන 753.5 ක් ගෙවා ඇත.
නමුත් පළමු අදියර යටතේ ආගමික පාසල් 45ක් පමණක් ඉදිකර බාර දී තිබූ බව වාර්තා වේ.
(මධ්‍යම සංස්කෘතික අරමුදලේ දත්ත ඇසුරෙන් සහ සිළුමින පුවත්පත)
එම හේතුව නිසාම මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ගෙන් කල විමසීමකදී ඔහු සදහන් කරේ,
2019 වසරේ ආරම්භ කර ව්‍යාපෘතිය මැතිවරණය තෙක් සිදු කර බවත් මැතිවරණ සමය සමග මෙම සංවර්ධන ව්‍යාපෘති නැවතීමෙන් අනතුරුව,
නව ආණ්ඩුව පැමිණීම හා කොරෝනා උවදුර මෙන්ම රටට බලපෑ අහිතකර ආර්ථික රටාවෙන් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ නොවීමට හේතු බවයි.
තවද ආණ්ඩු මාරු වීමේදී පැවති ආණුඩුවේ ව්‍යාපෘති සදහා අවධානයක් නොදක්වා නව ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙයට හේතුව බවයි.
කෝප් කමිටුව මේ ගැන කතා කරා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තීරණය කරන ලදි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවට අනුව මෙවැනි ව්‍යාපෘති සදහා විගණකාධිපතිවරයාගේ නිර්දේශ වූයේ
2. අරමුදලේ සියලු අංශ ආවරණය වන පරිදි මණ්ඩලයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැසුම් තාත්වික අයුරින් පිළියෙල කළයුතු වීම සහ ඉලක්කගත කාල පරිච්ඡේදය තුළ ඉලක්ක කරා ළඟා වීමට ක්‍රියාකළ යුතුවීම.
12. කාලීන සහ සත්‍ය අවශ්‍යතාවන්ද සලකා නිසි ඇගයීමකින් යුතුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සහ ආගම් නියෝජනය වන පරිදි විනිවිදභාවයකින්ද යුතුව මූල්‍ය පරිත්‍යාග ප්‍රතිපාදන ලබා දිය යුතු වීම හා එහි මූල්‍ය වටිනාකම තීරණය කිරීම විධිමත් අධිකාර බලයක් සහිත පාර්ශ්වයන් විසින් සිදු කළයුතු වීම.
13. අදාළ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කළයුතු වීමත්, අදාළ ප්‍රතිලාභී ආයතනද සමීප අධීක්ෂණයක් සමඟ මෙහෙය වීම.
15. අනුමත අය-වැය ලේඛනය අනුව වියදම් දැරීම සහ සංශෝධිත අය-වැය ලේඛනයන් ඉදිරිපත් කර අනුමත කරගැනීමට කටයුතු කිරීම. යන ඒවා වේ.
නමුත් අල්ලස් කොමිසම මගින් යොමු කර තිබුණු ලිපියක් මගින් තහවුරු වූයේ නඩු නිමිත්තක් සහිත කිසිවක් සංස්කෘතික අරමුදල තුළ සිදුව නැති බවකි.
(කෝප කමිටුවේ සාකච්ඡා දත්ත ඇසුරෙන්)
visit – https://nawabimasinhala.com/
Leave a comment