Convictions

රුපියල් 291639,356.66ක් වතුරේ යැවූ වවුනියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය

By Prasanna Pradeep Kumara

වවුනියාව දිස්ත්‍රීක්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ අවසන් කරන ලද විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අදාල දින සිට අද දක්වා වසා දමා තිබිම හේතුවෙන් එහි වු කඩ 50 ක පමණ ප්‍රමාණයකින් එය විවෘත්ත කළ දා පටන් රජයට ආදායමක් වශයෙන් ලැබිමට තිබු විශාල මුදලක් අහිමිව ගොස් තිබේ. 

ඉහත කී වවුනියාව විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් 291,639,356.66 කි. එහිදී එම ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2017 දෙසැම්බර් මස 31 දා වන විට අවසන් කොට ඇතත් එය අද වන විට සුදු අලි ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. 

ඒ අනුව ඉකුත් 2017 පෙබරවාරි මස 02 දා ග්‍රාමිය ආර්ථික අමාත්‍යංශය හා මධ්‍යම ඉංජිනේරු කාර්යංශය මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් තබන ලදි ඒ අනුව එහි ඉදි කිරීම් 2017 වසරේ දෙසැම්බර් 31 අවසන් කලද එය මේ දක්වා විවෘත්ත නොකොට වසා දමා තිබේ. 

ඒ පිළිබදව වවුනියාව එළවළු තොග වෙළද සංගමයේ නියෝජිතයෙකු වන ජේ. නන්දකුමාර් මහතාගෙන් සිදු කල විමසීමදි ඒ මහතා දැක්වුයේ මෙවන් අදහසකි. අපි අවුරුදු ගාණනක් වෙළදාම කරන්නේ වවුනියාව නගරයේ. අපිට වවුනියා නගරයෙන් කිලෝමිටරයක් පමණ ඇත තැනක තමයි මේ ආර්ථික මධ්‍යස්ථානය හදලා තියෙන්නේ. ඉතින් ඒක අපේ ව්‍යාපාරික කටයුතු වලට ලොකු බාදාවක්, අනික මේ තැන හදනකොට අපෙන් විමසීමක් කරේ නෑ. අපි දැන් ඉන්නේ නගරය මැද්දේ, මෙතනින් අපි කෙරවලකට දැම්මම අපි බිස්නස් කරන්නේ කොහොමද? අනික තමයි වවුනියාව කියනේනේ උතුරේ වෙලෙන්දොන්ගෙත් දකුනේ වෙළෙන්දොන්ගෙත් මධ්‍යස්ථානය. ඉතින් එතන ඒ 09 මාර්ගයෙත් ඇතුළට යන්න තැනක් හදලා එතෙන්ට යන්න කිව්වම ව්‍යාපාරික වශයෙන් වටින මේ තැන දාලා වෙළෙන්දෝ යන්න කැමති නෑ. ගොවින්ට උනත් පහසු මෙතෙන්ට එළවළු තොග ගේන එක නමුත් මේකට මුල ප්‍රධාන වශයෙන් අපෙන් අදහස් නොගෙන මෙහේ හිටපු දේශපාලකයොයි රජයේ ලෙකු ලෙක්කොයි ගත්ත තීරණ යැයි ඒ මහතා පැවසීය.

ඉහත ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත නොකිරීම සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනතට ප්‍රකාරව අප සිදු කළ විමසීමකදී අතිරේක දිස්ත්‍රීක් ලේකම් ටිග තිරේස්කුමාර් මහතා ගේ අත්සනින් යුතුව ලද ලිපියකින් සදහන් කොට තිබුනේ කෘෂිකර්ම ග්‍රාමිය ආර්ථික කටයුතු සහ පශූ සම්පත් සංවර්ධන වාරිමාර්ග ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ අංක MFARE/5/10/12/9 yd 2019.03.11 දිනැති ලිපිය මගින් 2019 වසරේ පළමු සතියේ අදාල ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත කරන බව දැන්වුවද නොවැලැක්විය හැකි හේතුවක් මත එය විවෘත්ත නොකල බවයි.

අර්ථික මධ්‍යස්ථානයවිවෘත්ත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් අංක V/DPS/D.Eco.Cent/2019  හා 2020.05.20  දිනැති ලිපිය මගින් ලේකම් අභ්‍යන්තර වානිජ හා ආහාර භෝග සුභසාධනඅමාත්‍යංශය වෙත දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් දන්වා ඇති අතර ඒ අනුව 2020 දෙසැම්බර් මාසයේදී ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත කිරීම සදහා අවශ්‍ය පියවර ගත්තද කොවිඩි 19 හේතුවෙන් එය සිදු නොවු බව අදාල ලිපියෙන් ප්‍රකාශ කර සිටි.

නැවත අදාල අමාත්‍යංශයේ ලේකම් වෙත අංක SMA/DEV6/EC/Common/Vavuniya-2021 හා 2021.03.24 දිනැති ලිපිය මගින් 2021 අප්‍රේල් මාසයේ පළමු වන සතියේ විවෘත්ත කිරීමට සුදානම් බව දන්වා තිබුනද අදාල කාලවකවානුව තුළද විවෘත්ත කිරීමට නොහැකිවු බව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පවසයි. 

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත කිරීම සම්බන්ධයෙන් විවිධවු පියවරයන් විෂය භාර අමාත්‍යංශයේ දැනුවත් කිරීම අනුව ඒ ඒ අවස්ථා වල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පාර්ශවයෙන් ගෙන උත්සාහ ගත්තද විෂය භාර අමාත්‍යංශයේ අවසරය මේතාක් නොලැබුණු බව එහිදී අදාල ලිපියෙන් සදහන් කොට තිබේ. 

කෙසේ වුවද සුවිශාල මුදලක් වැය කොට අද වන විටත් අදාල ආර්ථික මධ්‍යස්ථානය නිකරුනේ වසා දමා තිබේ.

අදාල ගැටළුව හා එම ගොඩ නැගිල් විවෘත්ත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රීක් ලේකම් පීග ඒග සරත්චන්ද්‍ර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ දිගු කලක් භාවිත නොකිරීම හරහා එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කීපයක් සිදු කිරීමට අවශ්‍ය බවත් වෙළදුන් හා සාකච්ඡා වට කීපයක් පවත්වා ඇති අතර ඒවා අනුව කඩ 45 ක පමණ කටයුතු නිරාකරනය කර ඇති බවත් හැකි ඉක්මනින් අදාල ස්ථානය විවෘත්ත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී දිස්ත්‍රීක් ලේකම් වරයා පැවසීය.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Convictions

ලක්ෂ 520 ක් යටකර හැදු උත්සව ශාලාවේ ආදයම වසර 05 ට ලක්ෂ 14 යි

By Prasanna Pradeep Kumara වවුනියාව දකුණ ප්‍රාදේශිය සභාව මගින් 2018 වසරේ පමණ...

Convictions

වසර 16 ක් පානීය ජලය අහිමි දිමුතුගම

By Kosala Gunawardana  පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා...

Convictions

ஆரம்பிக்கப்படாத திருகோணமலை இந்திய எண்ணெய்க் குத ஒப்பந்தம்; எரிபொருள் பற்றாக்குறையில் இலங்கை

By Afra Ansar  பெற்றோலியத்துக்கு எட்டப்படும் தேவைப்பாடு, பெற்றோலியத்தை இறக்குமதி செய்வது மற்றும் பெற்றோலியத்தை களஞ்சியப்படுத்துவது...

Convictions

වංචනික බැංකු ව්‍යාපාර පිළිබඳ අවධානයෙන

– බස්නාහිර පළාත – දිලංගා ගෝමස් – සණස සමිතිය යන නාමයට මුවා...