Convictions

ලක්ෂ 520 ක් යටකර හැදු උත්සව ශාලාවේ ආදයම වසර 05 ට ලක්ෂ 14 යි

By Prasanna Pradeep Kumara

වවුනියාව දකුණ ප්රාදේශිය සභාව මගින් 2018 වසරේ පමණ ඉදිකොට වැඩ අවසන් කළ නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව අද වන විට නිසි පරිදී ආදායම් නොලබන අසාර්ථක ව්යාපෘතියක් බවට පත්ව ඇති බවට ප්රදේශවසීන් පවසයි.  

අනුව අදල හෝටලය වවුනියාව දකුණු සිංහල ප්රාදේශීය සභාවට ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉදි කර ඇති අතර එහි ආදායම් වාර්ථා වලට අනුව එහි ආදායම ක්රමාණුකුලව අඩු වෙමින් පවතී.   

අදාල හොටලය ඉදි කිරීම සදහා එවකට රුපියල් 8,894,661.77 මුදලක් වැය කොට ඇති අතර එහි 2018 වසරේ සිට ඉකුත් 2022 වසර දක්වා ආදායම රුපියල් 1,467,191.67 කි අනුව අදාල ව්යාපෘතියට වැය කල මුදල හෝ උපයාගෙන එය ලාභ ලබන තත්වයකට පැමිණිමට නම් දශක ගණනාවක් බලා සිටිමට සිදුවනු ඇත.  

තවද මේ පිළිබද තවදුරටත් අනාවරණය වන කරුණ නම් අදාල නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව 2018 වසරේ විවෘත්ත කිරීමෙන් අනතුරුව 2019 වසර තුළ එකදු රුපියලක හෝ ආදායමක් උපයා නොමැති බවයි

මෙවන් විශාල මුදලක් වැය කොට නිම කරණ ලද ව්යාපෘතියකින් වසරක් කිසිදු ආදායමක් නොලැබිම එහි අසාර්ථකත්වයේ තරම කියාපාන සාධකයක් නොවන්නේද.   

එපමණක්ද නොවේ 2018 වසරේ රුපියල් 635,917.00 මුදලක් උපයා ඇති බව ප්රාදේශිය සභාව පවසන අතර 2019 වසරේ එහි ආදායමක් නොමැත තවද 2020 වසරේ 107,000.00 මුදලක් උපයා ඇති බවත් 2021 වසරේ 428,000.00 මුදලක් හා 2022 වසරේ 296.274.67 මුදලක් අදාල නිවාඩු නිකේතනයෙන් හා උත්සව ශාලාවෙන් උපයා තිබේ.   

අනුව ඉහත තොරතුරු වලට අනුව එම නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව මුල් වසරට සාපෙක්ෂව ආදායම අවම විම එහි අසාර්ථකත්වය කියා පාන මිණුමකි ජනතාවට අදාල ව්යාපෘතියේ බරින් නිදහස්ව එහි ආදායමක් උපයන තත්වයකට පත්වන තෙක් තවත් දශක ගණනාවක් බලා සිටිමට සිදු වන්නේ නම් මෙවන් සුදු අලින් වන් ව්යාපෘතීන්ගේ ඇති ඵලය කුමක්ද යන්න සිතා බැලිය යුත්තකි.

 

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Convictions

වසර 16 ක් පානීය ජලය අහිමි දිමුතුගම

By Kosala Gunawardana  පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා...

Convictions

ஆரம்பிக்கப்படாத திருகோணமலை இந்திய எண்ணெய்க் குத ஒப்பந்தம்; எரிபொருள் பற்றாக்குறையில் இலங்கை

By Afra Ansar  பெற்றோலியத்துக்கு எட்டப்படும் தேவைப்பாடு, பெற்றோலியத்தை இறக்குமதி செய்வது மற்றும் பெற்றோலியத்தை களஞ்சியப்படுத்துவது...

Convictions

රුපියල් 291639,356.66ක් වතුරේ යැවූ වවුනියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය

By Prasanna Pradeep Kumara වවුනියාව දිස්ත්‍රීක්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ...

Convictions

වංචනික බැංකු ව්‍යාපාර පිළිබඳ අවධානයෙන

– බස්නාහිර පළාත – දිලංගා ගෝමස් – සණස සමිතිය යන නාමයට මුවා...