Convictions

ඒෂියන් මිරර් පුවත පල දරයි – නැති සල්ලි ඇවිත් ව්‍යාපෘතිය අරඹයි

“අත්තිකාරම් නොමැතිව නතර වූ ආදාහනය” නමින් බදුල්ල මහ නගර සභාව සතු ආදාහනාගාරයේ එක් කුටීරයක
නඩත්තු කටයුත්තක් වෙනුවෙන් අදාල කොන්ත්‍රාත් සමාගමට අත්තිකාරම් මුදල් නොගෙවීම සම්බන්ධව පුවතක් ඒෂියන්
මිරර් අප වාර්තා කළා. එම පුවත පල වී පැය කිහිපයක් ඇතුළත අත්තිකාරම් මුදලට අදාළ චෙක්පත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිළධාරීන් අතින් යම් අතපසු වීමක් සිදුව තිබූ බවත් මින් පසුව එවන් අතපසුවීම් සිදු නොවීමට වග බලාගන්නා ලෙසට නිළධාරීන්ට දැනුම් දුන් බවත් මෙවන් සිද්ධීන් පිළිබදව මාධ්‍ය මගින් අනාවරණය කිරීම සම්බන්ධව ඒෂියන් මිරර් වෙත ස්තූතිය පුද කරනා බවත් බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ජගත් ප්‍රියශාන්ත මහතා සදහන් කළා.

“අත්තිකාරම් නොමැතිව නතර වූ ආදාහනය” නමින් පළ වූ පුවත පහතින්, ලක්ෂ 19ක අත්තිකාරම් මුදල් නොගෙවීමෙන් බදුල්ල ආදාහනාගාරයේ නඩත්තු කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වූ
බව කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

බදුල්ල මහ නගර සභාවට අයත් කුටීර දෙකකින් සමන්විත ආදාහනාගාරයේ එක් ආදාහන කුටීරයක නඩත්තු කටයුත්තක්
මීට මාස පහකට පමණ ඉහතදී ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා රුපියල් ලක්ෂ 32ක් වැනි සාධාරණ ඇස්තමේන්තුවක් ලබා දුන් බවයි කොන්ත්‍රාත් සමාගම සදහන් කරන්නේ.

ඒ අනුව ආදාහන කුටීරයේ නඩත්තු කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා සියලු වියදම් කොන්ත්‍රාත් සමාගම විසින්ම සිදු කර මීට මාස දෙකකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 19ක අත්තිකාරම් මුදලක් ඉල්ලා තිබෙනවා.

නමුත් මේ වන තෙක් එම මුදල ලබා නොදීම නිසා නඩත්තු කටයුතු අතරමග නවතා දැමීමට සිදුවූ බවයි අදාළ
කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු සදහන් කලේ.

“1998 වසරේදී ඉදි කෙරුණු මෙම ආදාහනාගාරය එදා මෙදා තුර කාලයේදී බදුල්ල ප්‍රදේශයේ ජනතාවට විශාල
සේවාවක් සැපයූ ස්ථානයක්. පසුගිය කොරෝනා කාලයේදී මෙම ආදාහනාගාරයෙන් සැලසූ සේවාව අති මහත්. නමුත් මේ වන විට ඇතිවෙලා තියෙන තත්වය කනගාටුවට කරුණක්. මාස පහක පමණ කාලයක් තිස්සේසිදුකෙරෙන නඩත්තු කටයුතු තවමත් ඉවරවෙලා නැහැ. හදිසියේවත් දැනට වැඩ කරන අනෙක් ආදාහන කුටීරයේ බිදවැටීමක් සිදුවූවොතින්ආ දාහනය කරන්න ගේන මරණ එලියෙම කුණු වෙවී තියේවි. එම නිසා මෙම තත්වය ගැන සලකා බලා හැකි ඉක්මණින්ආ දාහනාගාරයේ නඩත්තු කටයුත්ත නිමකර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා. රටේ පැවති අයහපත් කාලෙදි තමයි ආදාහනාගාරයේ මෙම නඩත්තු කටයුතු කොන්ත්‍රාත් සමාගම භාරගත්තේ. ඒ සම්බන්ධයෙන් එහි හිමිකරුට ස්තූතිය පුද කරනවා. කෙසේවෙතත් ඔහුගේ අත්තිකාරම් ගෙවීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව මා පිළිගන්නවා. හැකි ඉක්මණින් එම ගෙවීම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මා පියවර ගන්නවා.” යනුවෙන් බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ජගත් ප්‍රියශාන්ත මහතා සදහන් කළා.

බදුල්ල – ජයලත් දිසානායක

Written by
Aruna Jayalath

ජයලත් දිසානායක, අංක 33, ඉහළ අලුත් ඇල පාර, බදුල්ල. වෘත්ීය මාධ්‍යවේදිවයක් වලසින් කටයුතු කරයි. 2008 වසවේ සිට පුවත්පත් මාවධ්‍යේදිවයක් වලසින් මාධ්‍ය ක්වෂේත්‍රයට පිවිවසනවා. 2011 වසවේ සිට විද්යයුත් නාලිකා වලට සම්බන්ධ්‍ වනවා. ඒ අනුව වම් වන විට සේවාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, සේවර්ේවාහිනී, වෙරර්, හිරු, සියත යන රූපවාහිනී නාලිකාවල ප්‍රාවද්යශීය මාධ්‍යවේදිවයක් වලසින් කටයුතු කරනවා. එවමන්ම බීබීසී නාලිකාවේ සහ ෙසත ලංකා, ආටේීඅයි ශ්‍රී ලංකා, ඒෂියන් මිරේ යන වවබ් නාලිකාවේෙ ප්‍රාවද්යශීය මාධ්‍යවේදිවයක් වශවයන්ෙ කටයුතු කරනවා. 2015 වසවේදී රයිගම් වටලි සම්මාන උවළවල්දී වසවේ විශිෂේඨතම රූපවාහිනී කාලීන වැඩසටහනට හිමි සම්මානය සේවර්ේවාහිනිය දිනාගත් අතර එය මා විසින් රූපගත කරන ලද්යෙකි. 2016 වසවේ මැයි මාසය සෙහා වෙරර් නාලිකාව විසින් සංවිධ්‍ානය කරන ලෙ වහාෙම ප්‍රාවද්යශීය මාධ්‍යවේදියා වලසින් සම්මානය මාහට හිමි විය. තවෙ වම් වන විට බදුලුපුර නිවුසේ නමින් යූ ටියුබ් ප්‍රවෘත්ති නාලිකාවක් පවත්වාවගන එන අතර එහි වම් වන විටත් ග්‍රාහකයින් 58000 ඉක්මවා ඇත.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Convictions

ලක්ෂ 520 ක් යටකර හැදු උත්සව ශාලාවේ ආදයම වසර 05 ට ලක්ෂ 14 යි

By Prasanna Pradeep Kumara වවුනියාව දකුණ ප්‍රාදේශිය සභාව මගින් 2018 වසරේ පමණ...

Convictions

වසර 16 ක් පානීය ජලය අහිමි දිමුතුගම

By Kosala Gunawardana  පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා...

Convictions

ஆரம்பிக்கப்படாத திருகோணமலை இந்திய எண்ணெய்க் குத ஒப்பந்தம்; எரிபொருள் பற்றாக்குறையில் இலங்கை

By Afra Ansar  பெற்றோலியத்துக்கு எட்டப்படும் தேவைப்பாடு, பெற்றோலியத்தை இறக்குமதி செய்வது மற்றும் பெற்றோலியத்தை களஞ்சியப்படுத்துவது...

Convictions

රුපියල් 291639,356.66ක් වතුරේ යැවූ වවුනියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය

By Prasanna Pradeep Kumara වවුනියාව දිස්ත්‍රීක්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ...